අඳුරු අප්‍රිකාවට එළිය දුන් ඒකෝන්

අප්‍රිකානු සම්භවයක් ඇති හොලිවුඩ් ජනප්‍රිය ගායක Aliaume Damala Badara Akon Thim කවුරුත් දන්නේ සුප්‍රසිද්ධ ගායකයෙකු ලෙස ගීත රචකයෙකු ලෙස ව්‍යවසායකයෙකු හා දානපතියෙකු මෙන්ම නළුවකු ලෙසයි. නමුත් මේ කතා කරන්න සූදානම් වෙන්නේ ඔහුගේ ඉහත කී හැකියාවන් ගැන නම් නොවෙයි. අදුරු මහද්වීපය ලෙස නම් දරා තිබුණු අප්‍රිකාව විදුලි එළියෙන් ආලෝකවත් කිරීම සඳහා මූලිකත්වය ගත් පුද්ගලයා ලෙස සැලකෙන්නේ ඒකෝන් බව ඔබ දැන සිටියාද. මේ ඒ පිළිබඳ සටහනක්.
වර්ෂ 1973 අප්‍රේල් 16 වන දින උපත ලබන ඒකෝන් සත් හැවිරිදි වියේදී මවුපියන් සමඟ ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ වැඩිදුර අධ්‍යාපනය ලබනවා. මෙහිදී සංගීතඥයකු ලෙස ප්‍රසිද්ධියට පත්වන ඔහු ව්‍යාපාරිකයෙකු හා ධනවතකු බවට පත් වෙනවා. ඉන් අනතුරුව තමා කුඩා කාලයේ හැදී වැඩුණු අප්‍රිකාවේ මිලියන ගණනක් ජනතාව අඳුරේ සිටින බව දකින Akon Lightning Africa නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරන්නේ විදුලි එළිය නොමැති මිලියන 6 ක ජනතාවට විදුලි ආලෝකය ලබාදීමේ අරමුණ ඇතිවයි.
ඔහුට සහය වන්නේ සූර්ය බලශක්ති ගබඩා කරන සෝලා පැනල් නිෂ්පාදක නිෂ්පාදක සම්බා බතිලි සහ ව්‍යාපාරිකයකු වන තියෝන් නියාන්ග්. මිනිසුන්ට උදව් කිරීමට ඇති හොඳම විසඳුම වෙන්නේ අවස්ථාවන් නිර්මාණය කිරීම සහ ඔවුන්ට සෘජුවම අවස්ථාව ලබාදීම බව වටහාගන්නා ඒකෝන්ගේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය නිසා වසරක් ඇතුළත රටවල් 14 ක මිලියනයක් නිවාස වලට රටපුරාම මහාමාර්ග පද්ධති වලට සහ නගර දහස් ගණනකට සූර්ය බලශක්තිය මගින් ආලෝකය සැපයීමට හැකියාව ලැබුණා.
එමගින් අප්‍රිකාවට විදුලි ආලෝකය ලැබුණා පමණක් නොව රැකියා උත්පාදනය නිසා දහස් ගණන් රැකියා අවස්ථා බිහි වුනා. ජනතාවගේ ජීවන තත්වය වැඩි දියුණු කළ හැකි විශාලතම විසඳුමක් ලෙස මෙම ව්‍යාපෘතිය හැඳින්විය හැකියි. මේ අනුව සූර්ය වීදි ලාම්පු 100,000ක් සවි කරඇත. කාන්තාවන්ට පවා දැන් රාත්‍රී කාලයේ කිසිදු බියකින් තොරව වීදි වෙළදාමේ යෙදීමට හැකියාව ලැබී තිබෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි නිවාස ආගමික ස්ථාන පාසල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන ගණනාවක් ඔවුන්ගේ ජීවිතයේ ප්‍රථම වතාවට විදුලියට නිරාවරණයවී තිබෙන්නේත් මේ නිසාමයි.
සූර්ය බලශක්තිය සහ අවශ්‍ය උපකරණ නිසි ලෙස නඩත්තු කරන්නේ කෙසේද යන්න ඉගැන්වීම සඳහා පිහිටුවා ඇති සූර්ය ඇකඩමිය හරහා මෙම ග්‍රාමීය ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ රැකියා අවස්ථා නිර්මාණය වෙමින් පවතිනවා.
අප්‍රිකානු ජනතාවගේ මහත් ප්‍රසාදයට පත් වූ ඒකෝන්ගේ මෙම වැඩසටහන අඳුරේ සිටි අප්‍රිකානුවන්ගේ මුළු ජීවිත එළිය කරන්නට පාර කැපූ සාර්ථක ව්‍යාපෘතියක් වෙනවා. ලෝකය පුරා සිටින සියලුම අප්‍රිකානු සම්භවයක් ඇති කළු ජාතිකයන්ට නිවාඩුවකට වත් අප්‍රිකාවට ඒමට නොසිතෙන්නේ එහි ඇති නොදියුණු බව නිසාමයි. නමුත් ලොව වටා සිටින දහස් ගණන් අප්‍රිකානුවන් තම මව් රට වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් සහ වගකීම් ඉටු කළ යුතු බව ඒකෝන්ගේ අදහසයි.
by Dilki Shamani
Photo Source: Internet
633 Views
Comments