හදවත ක්‍රියාවිරහිත වීම වළකන පේස් මේකර්

හෘද ස්පන්දනය වේගය අඩුවීම ඖෂධ ප්‍රතිකාර මගින් සකස් කළ නොහැකියි. ඒ සඳහා කෘත්‍රිමව හෘදයේ ආවේග ඇති කරන උපකරණයක් සවි කළ යුතු වෙනවා. එය පේස් මේකර් නමින් හඳුන්වනවා. පේස් මේකර් සවි කිරීමට හේතුවන රෝග ලක්ෂණ වෙන්නේ
*රෝගියාට නිතර හතිය ඇතිවීම නිසා කිසිදු වැඩක් කර ගැනීමට නොහැකි වීම *නිතර ක්ලාන්ත කැරකිල්ල හෝ වමනය වැනි තත්ත්ව තත්ව ඇතිවීම
*හේතු රහිතව ක්ෂණිකව රෝගියාට ඇස් පෙනීම අඩාල වීම හෝ තාවකාලිකව අන්ධ වීම වගේ රෝග ලක්ෂණයි
පේස් මේකර් කියන්නේ 4-5mm වට ප්‍රමාණයක් සහිත කුඩා රවුම් උපකරණයක්. එය උරහිසට පහතින් පපුවේ දකුණු පැත්තේ හමට යටින් සවිකරනවා. හෘදයේ වම් පස කොටසේ පීඩනය වැඩියි. වම් පැත්තේ රුධිර නාලයක එසේ සිදුරු කලහොත් රුධිරය වැඩිපුර ගොස් ලේ කැටිගැසී අනතුරු සිදුවෙන්න පුළුවන්.
හෘද ස්පන්දනය අඩු කෙනෙකුට මෙවැන්නක් සවිකළ පසු හෘදයේ සාමාන්‍ය නිරෝගී පුද්ගලයකුගේ මෙන් ක්‍රියා කරන්න පටන් ගන්නවා. පේස් මේකර් හා හෘදයාබාධයක් අතර කිසිම සම්බන්ධතාවයක් නැති බවයි වෛද්‍යවරුන් පවසන්නේ. පුද්ගලයකු හෘදයාබාධයකට ගොදුරු වන්නේ රුධිර නහර අවහිර වීම නිසයි. පේස් මේකරයක් සවි කිරීමට සිදුවන්නේ හෘදය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසයි. විශේෂයෙන්ම පේස් මේකරයක් සවි කරන්නේ තරුණ වයස ඉක්මවා ගෙන යන වැඩ කරන පිරිසටයි.
මෙය ඉතා සුළු සැත්කමක්. සිහි නැති කරන්නේ නැහැ. සැත්කම කරන්න හිරි වැටීමෙන් පසුවයි. සැත්කම කර පසු දින රෝගියාට නිවසට යන්න පුළුවන්. එහෙත් සමහර සංකූලතා ඇතිවිය හැකි නිසා බොහෝ දෙනා දින දෙක තුනක් රෝහලේ සිටිනවා.
පේස් මේකර් කියන්නේ ඉතා කුඩා පරිගණකයක් වගෙයි. එය සමග කතා කළ හැකි තරම්. ඒ තරමට එය සංකීර්ණ පද්ධතියක්. රෝගියාට මේ සවිකළ පසු වේගය වෙනස් කිරීම රාත්‍රියට වේගය අඩු කිරීම වැනි දේ වරින් වර සිදු කළ හැකියි. පේස් මේකරයක බැටරිය පවතින්නේ වසර දහයක 10ක පමණ කාලයක්. බැටරිය ක්‍රියාවිරහිත වූ පසු නැවත සවි කළ නොහැකි. එවිට නැවත අලුත් පේස් මේකරයක් සවි කළ යුතුයි. බැටරිය ක්‍රියාවිරහි වී ගෙන එන විට එය පේස් මේකරයේ පෙන්නුම් කරනවා. පේස් මේකර් සවිකිරීම කිසිදු රෝගයක් තියෙන අයෙකුට නුසුදුසු වන්නේ නැහැ. එහෙත් පිළිකා වැනි රෝග තියෙන අයට මෙවැනි දේ සවි කරන්නේ නැහැ. ඒ ඉන් ඵලක් නැති නිසයි. ලංකාවේ මෙම සැත්කම රජයේ ප්‍රධාන රෝහල්වල සිදු කරනවා. සාමාන්‍යයෙන් වසරකට රෝගීන් තුන්සියයකට අධික ප්‍රමාණයක් මෙම සැත්කම නොමිලේ සිදු කර ගන්නවා.
by Dilki Shamani
Photo Source: Internet
592 Views
Comments