ජලයේදී විස්කම් දක්වන පුංචි නවංජනා

වර්තමාන ශ්‍රී ලංකාවේ බොහෝමයක් දියණියන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තමාගේ දස්කම් ලොවටම පෙන්වන්නට සමත්වී තිබේ. පිහිනීම තුළින් තමාගේ දස්කම් ලොවටම පෙන් වූ එවන් දිරිය දියණියකි නවංජනා සිරිවර්ධන.
ඇත්තෙන්ම කිව්වොත් ඇය පුංචි දිය කිඳුරියකි. දහතුන් හැවිරිදි වියේ පසුවන ඇයගේ මව දිස්නා ප්‍රියන්ති ය. පියා නන්දලාල් අප්පුහාමිය. ඔහු කුලී පදනම යටතේ බීරළු කැටයම් කරන වඩු මහතෙකි. නවංජනා නම් වූ පුංචි දියණියගේ දස්කම් මෙම රටේ පුංචි දැරියකට තිබේදැයි පුදුම හිතෙන තරම්ය. 2015 වර්ෂයේදී පිහිනීමේ කටයුතු ආරම්භ කරන ලද ඇය පළමු ශ්‍රී ලංකා ජාතික පාසල් ලය ආර තරගයට සහභාගී වෙමින් වාර්තා පිට වාර්තා තබන්නට තරම් වාසනාවන්ත වූවාය. ඇයට වැඩිමල් සොහොයුරියක් සිටින අතර ඇයද පිහිනීමට බෙහෙවින් දක්ෂයි. 2017 වර්ෂයේ දී සමස්ත ලංකා පිහිනුම් තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමටද නවංජනාට හැකි විය. තවද 2018 වර්ෂයේ දී ජාතික වයස්කාණ්ඩ තරගාවලියේදී මීටර් 50 තරග ඉසව්වේ දී නව තරග වාර්තාවක් තබන්නට ද ඇය පොහොසත් විය. තවද 2018 වර්ෂයේ දී malaysia සංචාරයකට එක් වෙමින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ද ඇයට අවස්ථාවක් ලැබුණි. තවද ඇගේ ජීවිතයේ සුවිශේෂි සන්ධිස්ථානයක් වූයේ 2019 වර්ෂයේ දී පැවැති ශ්‍රී ලංකා පාසල් මීටර් සීය තරඟාවලියේදී නව තරග වාර්තාවක් පිහිටුවීමයි. අද වනවිට පුංචි නවංජනා ශ්‍රී ලංකාවේ පිහිනුම් ක්‍රීඩාවේ ප්‍රධාන අට දෙනා අතර සිටීම පවා ලොකු ජයග්‍රහණයක්. ඇයගේ වැඩිමල් සොයුරිය උසස් පෙළ නිම වීමෙන් පසුව රැකියාවක් කරන අතර අනෙක් සොයුරිය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබයි. ඇය ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයට ද දක්ෂ සිසුවියක වීම සෑම දරුවෙකුටම ඉමහත් ආදර්ශයකි.
මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ 9 වසරේ ඉගෙනුම ලබන ඇය සැම විටම තමාගේ පුහුණුවීම් කටයුතු කැපවීමෙන් සිදුකිරීමට අමතක කලේ නම් නැහැ. පුංචි නවංජනා දැරිය අනාගතයේදී ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයෙහි බැබළවීමට සමත් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. තවද ඇය විසින් නිරන්තරයෙන් දකින සිහිනයක් වූ ඔලිම්පික් සිහිනයද සැබෑ කරගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා යැයි අපි හදවතින් ම ඇයට සුබ පැතුම් එක් කරමු. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප විසින් සිදුකළ යුත්තේ මෙවැනි දක්ෂ දරුවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් නිසි අයුරින් සපයා දීමට කටයුතු කිරීමයි. එවිට ඔවුන් තව තවත් ධෛර්යමත් වනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
567 Views
Comments