වැඩිහිටියන් රටකට බරක්ද ?

ලෝක වැඩිහිටි දිනය මෙන්ම ලෝක ළමා දිනයද සෑම වර්ෂයකම එකම දිනයක යෙදී තිබීම සුවිශේෂී කරුණක්. ලෝක ජනගහනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී දරු උපත් සංඛ්‍යාවේ වර්ධනය අඩු වීමත්, වැඩිහිටි ජනගහනයේ ආයු අපේක්ෂණය වැඩිවීමත් තුළ දැකිය හැකි වන්නේ මෙහි වර්ධනය දෙයාංශයකට ගමන් කිරීමකි. ඒ නිසාම එයින් නිර්මාණය වන සමාජ සංස්කෘතික සහ සංවර්ධන ගැටලු අධ්‍යයනය කිරීම ඉතාමත් වැදගත්. ඒ නිසාම සෑම රටක්ම වැඩිහිටි ජනගහනය පිළිබඳ අධ්‍යයනය කිරීම පමණක් නොව ඒ සම්බන්ධ සැලසුම් සහ ප්‍රතිපත්ති සකස් කිරීම පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්.
වැඩිහිටි ජනගහනය අධ්‍යනයේදී එහි ප්‍රධාන අංශ දෙකක් ගැන එනම් ඔවුන් මුහුණ දෙන අභියෝග සහ සමාජ ගැටලු, ඔවුන් සමාජ සංවර්ධනයට දායක කර ගැනීමේ ක්‍රම සහ ඔවුන්ගේ සමාජ සේවාව පිළිබඳ අවධානය යොමු කිරීම මෙහිදී වැදගත්. වයස්ගතභාවය ඔවුන්ගේ ශාරීරික සහ මානසික නිරෝගීභාවයට ප්‍රබල ලෙස බලපාන අතර ඔවුන්ගේ ජීවිතයේ මෙතෙක් ගොඩ නගා ගත් ආකල්ප පවා වෙනසකට භාජනය වීමට හේතු වී තිබේ. මෙම වයස්ගතභාවයෙ ගැටලුවත්, සමාජ සාරධර්ම බිඳවැටීමේ ප්‍රශ්නයත් නිසා වයස්ගත වූවන් සමාජයෙන් කොන් කිරීම, ඉවත් කිරීම සහ නොසලකා හැරීම ආදිය සිදුවේ. මේ නිසා වැඩිහිටි නිවාස වැනි සංකල්ප ලෝක සමාජය තුළ නිර්මාණය වී ඇත. එහෙත් පෙරදිග සමාජවල වැඩිහිටි නිවාසය ස්වකීය නිවාසයම බවට පත් වූ අතර එය අප සමාජ සංස්කෘතියට එක්තරා ආකාරයක නුහුරු ක්‍රියාවලියක් බවත් ඒ නිසා එහි වාසය කරන්නන් ප්‍රබල අභියෝගයන්ටද මුහුණ දෙන බවත් දැකිය හැකියි. ඒ සඳහා ප්‍රබල හේතුවක් වන්නේ බටහිර සමාජය මෙන් හුදකලාව, ඥාතීත්ව රටා ආදියෙන් මිදී ජීවත්වීමට අප සමාජ සංස්කෘතියෙහි ඉඩ නොමැති වීමයි. අනෙක් අතට අප සමාජයෙහි පුද්ගලයන් හුදකලා නොවූවෝ වෙති.
අප සමාජ වල ඥාති හා අනෙකුත් සමාජ සබඳතා ඉතා ප්‍රබලයි. වැඩිහිටි නිවාස සංකල්පයට අපේ සමාජ නුහුරු වීමේ අභියෝගයට එහි ජීවත් වන්නන් මුහුණ පානු ලබයි. ඔවුන්ගේ ආකල්ප සහ සමාජ ජීවිත සංස්කරණය සඳහා වඩාත් ගැලපෙන ක්‍රම වැඩිහිටි නිවාස තුළ නොමැතිවීම නිසා වයස්ගතභාවය පිළිබඳ සමාජ ප්‍රවේශ අභියෝගාත්මක වේ. ලෝකයේ වැඩිහිටි ජනගහනය වර්ධනය වෙමින් පවතී. 1990 පමණ වන විට වැඩිහිටි ජනගහනයේ වර්ධන වේගය සියයට 9. 2 පමණ වූ අතර එය 2013 වසර වන විට 11. 7% ක් දක්වා වැඩි වී තිබේ. 2050 වන විට එය 21. 1% දක්වා වර්ධනය වනු ඇතැයි ජනගහන විද්‍යාඥයන් පවසයි. සෞඛ්‍ය සේවාවේ දියුණුව, අධ්‍යාපනයේ දියුණුව, අනතුරු සහ අවදානමට ලක්වීමෙහි පරිසරය අඩු වීමද මෙහි වර්ධනයට හේතු වී තිබේ.
වර්තමානය වන විට ලෝක වැඩිහිටි ජනගහනයෙන් තුනෙන් එකක් සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වේ. සංවර්ධනය වෙමින් පවතින රටවල වැඩිහිටි ජනගහනය වේගයෙන් වැඩි වේ. මේ වන විට සංවර්ධිත රටවල වැඩිහිටි ජනගහනයට සක්‍රීයව උදව් කරනු ලබන ජනගහනය අඩුවෙමින් පවතින නිසා ඔවුන් දැඩි අභියෝග වලට මුහුණ දෙමින් සිටී. ඒ නිසා ඔවුන් තුළ බෝ නොවන රෝග සහ අනෙකුත් අබලතා ද ගොඩ නැගෙමින් තිබේ. රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන මැදිහත්වීමේ කාරණාව මත වැඩිහිටි ජනගහන වර්ධනයේ සමාජ ආර්ථික සහ සංස්කෘතික වශයෙන් පැන නැගී ඇති ගැටළු අවබෝධ කර ගැනීමේ හැකියාව පවතී. ඒ සඳහා ගොඩනැගෙන නිවැරදි ප්‍රතිපත්ති සහ සැලසුම් මගින් වයස්ගත ජනගහනය පිළිබඳ ශ්‍රී ලාංකික ගැටලු අවම කර ගැනීමේ හැකියාවක් පවතිනු ඇත.
By : Sachini Sooriyaarachchi
Photo Source : Internet
2505 Views
Comments