බිත්ති ඔරලෝසුව ගැලපෙනම තැන
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
26

බිත්ති ඔරලෝසුව ගැලපෙනම තැන

බිත්ති ඔරලෝසුව ගැලපෙනම තැන

වාස්තු විද්‍යාවට අනුව ඔරලෝසුවට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. එහිදී විශ්වාස කෙරෙන්නේ අපේ වෙලාව හොඳ වෙන්න ඔරලෝසුව හොඳ වෙන්න ඕන කියන එක. නිවසක ඔරලෝසුව වාස්තු විද්‍යාත්මක වශයෙන් විශාල බලපෑමක් අපේ ජීවිත වලට කරනවා. මේ ඒ පිළිබඳ සටහනක්.

නිවෙසේ තිබෙන ඔරලෝසු වල පිරිසිදුකම හරිම වැදගත්. බොහෝ වෙලාවට දූවිලි මකුළු දැල් බැඳුනු ඔරලෝසු නිවෙස් වල තියෙනවා. මේ වගේ නිවෙස් වල ඉන්න අයගේ ජීවිතත් හරියට මකුලුදැල් පැටලිලා. මොන වෙලාවේ බැලුවත් ලිහා ගන්න බැරි ප්‍රශ්න පත්තරේට උත්තර හොයනවා. ඇත්තටම අපි වෙලාවට වැදගත්කමක් දුන්නොත් තමයි අපේ වෙලාව හොඳ වෙන්නේ. ඒ නිසා නිසි වේලාව පෙන්වන ඔරලෝසුවට නිසි වැදගත්කමක් දෙන්න අමතක කරන්න එපා.

සමහර නිවෙස් වල ඔරලෝසු සති ගණන් මාස ගණන් නැවතිලා තියෙනවා. එහෙම වෙලාව නැවතුණු ඔරලෝසු තියෙන නිවෙස්වල ප්‍රශ්න. නිවසේ විතරක් නෙවෙයි නිවසෙන් එළියට ගියත් ප්‍රශ්න. ඒ අනුව රැකියාවේත් ප්‍රශ්න. මේ වගේ ඉවරයක් නැතුව ජීවිතයට ප්‍රශ්න එනකොට ඔරලෝසුවේ වේලාව නතර වෙලාද කියලා පොඩ්ඩක් ආපස්සට හැරිල බලන්න. මේ නිසා නිවසේ ඔරලෝසුවේ බැටරි දමා නිවැරදිව වේලාව සකස් කර තබාගන්න අමතක කරන්න එපා.

නිවසක ඔරලෝසුව තැබිය යුතු දිශාවන් බොහොම වැදගත් වෙනවා. දකුණු දිශාවෙන් ඔරලෝසුව තැබුවොත් ඔබේ හැම වැඩක්ම අසාර්ථක වෙන්න පුළුවන්. ඒ හැම වැඩකටම බාධා ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා දකුණු දිශාවේ ඔරලෝසුව තිබෙනවා නම් එය අදම වෙනස් කරන්න.

කවුරුත් කැමති ඉක්මනින් දියුණු වෙන්න. ඒ නිසා නිවසේ සාලයට රත්තරන් පාට හෝ රිදී පාට ඔරලෝසුවක් තියලා බලන්න. කොයිතරම් දුරට සාර්ථකත්වය කරා ඔබ ලඟා වෙනවද කියන එක. හැබැයි වෙලාවට වැඩ කරන්නෙ නැති ඔරලෝසු නිවස තුල තබා ගන්න එපා. ඒවා පිළිසකර කර ගත නොහැකි නම් නිවසෙන් ඉවත් කර දමන්න මැලි වෙන්නත් එපා. මේ විදියට නිවසේ තිබෙන ඔරලෝසු සකස් කර ගත්තහම ඇත්තටම ඔයාගේ සාර්ථකත්වයට බාධා වෙන එකක් නැහැ.

නිවසේ ඔරලෝසුවේ වෙලාව වැරදි නම් අපේ වෙලාව අවුල් වෙන්න පුළුවන්. ගොඩක් අය ඔරලෝසුවේ වෙලාව මිනිත්තු දෙක තුනක් එහාට මෙහාට වුණාට ඒ ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ. නමුත් ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද පවතින වෙලාවට වඩා ඔබේ නිවසේ වෙලාව වැඩියෙන් හෝ අඩුවෙන් දුවනවා කියන්නේ ඔයාගේ හැම වැඩක්ම අවුල් වෙන්න පුළුවන් කියන එක. ඒකෙන් වෙන්නේ ඔබගේ දියුණුවට බාධා වෙන එක. ඒ නිසා ගෙදර ඔරලෝසුවේ වේලාව හරියට තියන්න අමතක කරන්න එපා.

 

 

by Dilki Shamani 

Photo Source: Internet

views

2222 Views

Comments

arrow-up