ගිනස් වාර්තා තැබූ මෙක්සිකෝවේ කඳුනගින්නිය

මෙක්සිකෝවේ කඳු නගින්නෙකු වන විරිඩියානා ඇල්වාරෙස් චාවේස් ගිනස් ලෝක වාර්තා ශූරතාව දිනාගැනීමේ පුවතක් වාර්තා වේ. වසරක් හා දින 364 ක් තුළ අතිරේක ඔක්සිජන් සහිතව ලෝකයේ උසම කඳු ත්‍රිත්වය කෙටිම කාලයකින් තරණය කිරීම වෙනුවෙන් ඇය ගිනස් ලෝක වාර්තාව බිඳ දැමූ විට ඇගේ වයස අවුරුදු 36 කි. චාවේස් 2019 දී ත්‍රිත්ව කඳු නැගීමේ සම්පූර්ණ කළ අතර ඇයගේ ජයග්‍රහණ ගිනස් ලෝක වාර්තාවට ඉදිරිපත් කළ අතර මෑතකදී දුරස්ථභාවය පවත්වා ගනිමින් පැවැත්වූ උත්සවයකදී ඇයට ගෞරවය පිරිනමන ලදී. චාවේස්ට පෙර මෙම පදවි නාමය ලබාගත්තේ දකුණු කොරියාවේ දිවංගත ගෝ මි-සන් විසිනි. ඇයට උසම කඳු තුනට නැගීම වසර දෙකක් සහ දින දෙකක් ගතවිය.
මෙක්සිකෝවේ ඇගුවාස්කැලියන්ටස්හි වෙසෙන චාවේස් කඳු තරණයට කැමැත්තක් දක්වන්නියකි. ඒ අනුව අයන්මන් කඳු තරණයභාගයක් සාර්ථකව නිම කිරීමෙන් පසු එක් දිනක් එවරස්ට් කන්ද තරණය කිරීමට තමා කැමති බව චාවේස් පැවසූ අතර ඇය පවසන්නේ ගිනස් ලෝක වාර්තා බිඳ දැමීම ඇගේ ඉලක්කයක් නොවූ බවයි. ඇය කඳු නැගීමට මහත් කැමැත්තක් දැක්වූ අතර එම කැමැත්ත ඇයගේ අභිප්‍රේරණය සාර්ථක වීමට හේතු වූ බව පවසයි.
එවරස්ට් කඳු තරණයෙන් පසු ලෝකයේ දෙවන උසම කන්ද වන K2 කඳු මුදුනට ගිය පළමු ලතින් ඇමරිකානු කාන්තාව බවට ඇය පත්විය. ඇගේ අරමුණ වෙනුවෙන් 2011 දී චාවේස් ව්‍යායාම කිරීමට යොමු වූ විට ඇය එකවරම කඳු තරණයට ගියේ නැත. කඳු නැගීමේ බූට් සපත්තු පැළඳීමට පෙර ඇය ලෝක ප්‍රකට ගවේෂණ සඳහා අවශ්‍ය වන සියලුම ආම්පන්න වලට හුරුවිය. ඒ සඳහා චාවේස් ධාවන සපත්තු පැළඳ, කිලෝමීටර 10 ක් ධාවනය කර අර්ධ මැරතන් තරඟයකට හා පසුව සම්පූර්ණ මැරතන් තරඟ සඳහා සහභාගී විය. ඇය හුදෙක් ව්‍යායාමයක් ලෙස දුවන්නට පටන් ගෙන වසර දෙකකට පසුව, චාවේස් මෙක්සිකෝවේ උසම කන්ද වන පිකෝ ඩි ඔරිසාබා තරණය කළේය. ලෝකයේ උසම කඳු තුන සමුච්චය කිරීම ලෝක සංචාර සමඟ සහජයෙන්ම බැඳී ඇති අතර එය සාමාන්‍ය සංචාරකයෙකුට ඔවුන්ගේ ජීවිත කාලය තුළ කිසි විටෙකත් අත්විඳිය නොහැකි වන අතර චාවේස් පවසන්නේ ඇය එය භුක්ති වින්දා. "කඳුකරය යනු මට මට අභියෝග කළ හැකි සහ මා ගැන හොඳින් දැන හඳුනා ගත හැකි ස්ථානයකි," ඇය තවදුරටත් කියා සිටින්නේ, ඇගේ මෙම කඳු තරණයට ඇති ආශාව විස්තර කිරීමට නොහැකි එකක් බවයි.
by Dilki Shamani
source : edition.cnn.com
609 Views
Comments