කූඩු කළ කොංගෝ මිනිසා

අතීතයේ ලොව පුරා කළු ජාතිකයන් විශේෂයෙන්ම වහල් වෙළඳාම සඳහා යොදා ගැනිණ. ඒ අනුව බලවත් අසාධාරණයට හා පීඩනයට පත් තවත් එක් කළු ජාතිකයෙකු ලෙස ඔටා බෙන්ගා ප්‍රචලිතය. 1904 මාර්තු මාසයේදී එක්සත් ජනපද වෙළෙන්දෙකු වූ සැමුවෙල් වර්නර් විසින් එවකට ඔටා බෙන්ගා කොංගෝවෙන් අල්ලා ගන්නා ලදී. ඒ වන විට ඔහුගේ වයස නිවැරැදිව දන්නේ නැත. බොහෝ විට ඔහුට වයස අවුරුදු 12 හෝ 13 විය හැකිය. ඉන්පසු 1906 සැප්තැම්බර් මාසයේදී ඔහු දින 20 ක් නිව් යෝර්ක්හි බ්‍රොන්ක්ස් සත්ව උද්‍යානයේ වඳුරන් වෙසෙන කූඩුවක ප්‍රදර්ශනය කරන ලද අතර ඊට විශාල ජනකායක් ආකර්ෂණය විය. ඊට ආගමික පූජකවරුන් විරුද්ධ වීම නිසා ඔහුව අප්‍රිකානු ඇමරිකානු පූජක ජේම්ස් එච් ගෝර්ඩන් විසින් මෙහෙයවනු ලබන නිව්යෝක් හි හොවාර්ඩ් වර්ණ අනාථ රැකවරණය වෙත ගෙන යන ලදී.
1910 ජනවාරියේදී ඔහු වර්ජිනියාවේ කළු සිසුන් සඳහා ලින්ච්බර්ග් දේවධර්මීය සම්මන්ත්රණ ශාලාවේ සහ විද්‍යාලය වෙත යැවීය. එහිදී ඔහු අසල්වැසි පිරිමි ළමයින්ට දඩයම් කිරීම හා මසුන් ඇල්ලීම ඉගැන්වූ අතර පසුව ඔහු සිය උපන් නිවසට යාමට තිබූ දැඩි ආශාව නිසා මානසික අවපීඩනයට පත්වූ අතර 1916 මාර්තු මාසයේදී ඔහු සඟවා තිබූ තුවක්කුවකින් වෙඩි තබා ගත්තේය. මරණයට ඔහුගේ වයස අවුරුදු 25 ක් පමණ විය.
ඔහුගේ මරණින් පසු ඇමරිකාවේ කූඩු කළ මේ කොංගෝවේ මිනිසා පිළිබඳ බොහෝ අය විවිධ මත පළකිරීම ආරම්භ කළහ. ඔහුව අල්ලාගත් වනර්ගේ මුණුබුරු වූ අයෙක් ඒ සම්බන්ධ පොතක් එලිදක්වමින් කියා සිටියේ තම වහල්භාවයට දැඩි ලෙස විරුද්ධ වූ ඔටා බෙන්ගා නිව්යෝර්ක් වැසියන් වෙනුවෙන් රඟ දැක්වීමට ප්‍රිය කළ බවයි. එබැවින් ශතවර්ෂයකට අධික කාලයක් තිස්සේ ඔටා බෙන්ගා සහ ඔවුන්ගෙන් පැවත එන්නන් ඉතා කුරිරු ලෙස සූරාකෑමට ලක් කළ ආයතනය සහ මිනිසුන් ඓතිහාසික තොරතුරු ලොව පුරා සංසරණය කරනු ලැබූ අසත්‍ය කථා වලින් දූෂණය කළහ.
මෙලෙස ඔහුව සිරගත කළ සත්වෝද්‍යානය මේ වන විට අන්තර්ජාලය හරහා ඩිජිටල් කරන ලද ලිපි ලේඛන පළ කර ඇති අතර ඒවා අතර ඔටා බෙන්ගා සහ ඔහු කූඩු කළ මිනිසුන්ගේ දෛනික ක්‍රියාකාරකම් විස්තර කරන ලිපි ඇතුළත් වේ. එය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ගත වූ වසර පහ තුළ සත්වෝද්‍යාන නිලධාරීන් කණගාටුව ප්‍රකාශ කිරීම හෝ මාධ්‍ය විමසීම්වලට ප්‍රතිචාර දැක්වීම පවා ප්‍රතික්ෂේප කර තිබේ.
by Dilki Shamani
source : bbc.com
597 Views
Comments