ඇත්තටම කොවිඩ් එන්නතින් මොකද වෙන්නෙ?

ඔබ කෝවිඩ් 19 එන්නත ලබා ගත යුතුය....
මීට වසරකට පෙර හැල්මේ දුව ගිය ලෝකය බ්‍රේක් ගසා නවත්තන්නට කෝවිඩ් 19 වෛරසයට හැකි විය..
කාගේ හෝ ආදරණීයයන් මිලියන 2ක් මේවන විට මියගොස් හමාරය..ඒ රෝගීන්ගේ රෝගි සත්කාරයට දායක වූ සෞඛ්‍ය සේවකයන්ද දහස් ගනනක්ද සමඟය..
ලෝකයේ රටවල් අතරින් එකදු එන්නත් මාත්‍රාවක් වත් තම ජනතාවට ලබා දී ගැනීමට අසමත් වූ රාජ්‍යන් ගනන 130කට ආසන්නය..
අප මේ වන විට සෞඛ්‍ය ක්ශේස්ත්‍රයේ සියලුම දෙනාට වාගේ එන්නත ලබා දීඅවසන් ය.
ඔබ එන්නත ලබා ගැනීමට සුදුසු වයස් කාණ්ඩයේ කෙනෙක් නම් ඔබ එය ලබා ගත යුත්තේ ඇයි??
AstraZeneca එන්නත මගින් corona වෛරසය ශරීර ගත කරනවද?
මේ සඳහා සරලම උත්තරය තමා නැහැ කියන එක!
මෙහිදී සිදු කරන්නේ, ප්‍රතිශක්තීකරන පද්ධතිය අනාගතයේ දිනක වෛරසය ශරීර ගත වුවහොත් එය පහසුවෙන් හඳුනාගෙන විනාශ කිරීමට ඇති හැකියාව වර්ධනය කරවීමයි. COVID19 වෛරසය හඳුනා ගැනීමට ඇති වඩාත්ම සුදුසු ක්‍රමය එම වෛරසය මතුපිට ඇති, එයටම අවේනික වූ ප්‍රෝටීන කොටසක් (spike protein) මඟිනි.
මෙම එන්නත තුළ අන්තර්ගත වන්නේ ChAdOx1 නමැති වාහක වෛරස අණුවකි. මෙමගින් මිනිසුන් තුළ කිසිම රෝගී තත්ත්වයක් ඇතිකල නොහැකි අතර, මෙහි අන්තර්ගත DNA කොටසක් මගින් ලබාදෙන සංඥාවකට අනුව කොරෝනා වෛරසය හඳුනා ගැනීමට අදාළ ප්‍රෝටීන කොටස අප ශරීරය තුළම නිර්මාණය වේ. ඒත් සමගම ක්‍රියාත්මක වන අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් මෙම Spike protein කොටස හඳුනා ගැනීමටත් විනාශ කිරීමටත් පටන් ගැනෙනවා. මෙසේ ප්‍රෝටීන කොටස නිශේධනය කිරීම සිදු කරනු ලබන්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් spike ප්‍රෝටිනයට එරෙහිව අලුතින් නිපදවූ විශේෂිත ප්‍රතිදේහ මඟින්. මෙය නියමාකාරව සිදු වීමට සති දෙකක, තුනක පමණ කාලයක් ගතවනවා. මේ සඳහා දෙවන එන්නත් මාත්‍රාවක්ද ලබා දීමෙන් පසු මෙම ක්‍රියාවලිය යළිත් වරක් ක්‍රියාත්මකවී, ප්‍රතිදේහ විශාල ප්‍රමාණයක් අපගේ ශරීර තුළ නිර්මාණය වනවා. මෙය ශරීරය තුළ කොරෝනා වෛරසයට එරෙහිව ආයුධ ගබඩාවක් සකස් කර තැබීම වැනි ය.
සරලව කිව්වොත් මෙම ක්‍රියාවලිය අපගේ ශරීරයේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ වෛරසයට සමාන ව්‍යුහමය කොටසක් අතර ඇතිවන කුඩා සටනක ස්වරූපයක් ගනී. අප බොහෝ දෙනෙක් අසා ඇති එන්නත්කරනයෙන් පසු ඇතිවන සුළු අතුරු ආබාධ වලට හේතුව වන්නේද මෙයයි. එම නිසා ඔබ ශරීරය තුල සිදුවන ප්‍රතිදේහ ජනනය කිරීමේ ක්‍රියාවලිය අසුබදායක දෙයක් ලෙස නොදැක එය එම ක්‍රියාවලියේ වැදගත් අංගයක් ලෙස හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.
මේ විදියට එන්නත් කරනයට ලක් වුනු කෙනෙකුට, අනාගතයේ දිනයක කොරෝනා වෛරසය ශරීර ගත වුවහොත්, වෛරසයට එරෙහිව ප්‍රතිදේහ තමාගේ ශරීරය තුල දැනටමත් පවතින නිසා, මෙම ප්‍රතිදේහ මගින් කොරෝනා වෛරසය මතුපිට ඇති spike ප්‍රෝටීනය ඉතා ඉක්මනින් හඳුනාගෙන මුළු වෛරසයම ඉතා ඉක්මනින් සහ පහසුවෙන් විනාශ කර දමයි.
අපි මෙහෙම හිතමු.එක රටක මිනිස්සු බොහොම හොඳින් ජිවත් වෙනව.. ඒ රටට එක වරම සතුරු ආක්‍රමණයක් සිද්ධ වෙනව. ඒ සතුරන් රට ඇතුලෙදි එයාලගෙ සංඛ්‍යාව වැඩි කර ගන්නව. රටේ සියලු සම්පත් විනාශ කරල තමංගෙ සංඛ්‍යාව වැඩි කරගෙන ලඟ පාත රටවල් ආක්‍රමණය කරනව කියල හිතමු. කෝවිඩ් කරන්නෙත් ඒ වගේ වැඩක්.
එයා යමෙක්ගෙ ඇඟ ඇතුලට ඇව්ත් ඒ කෙනාගෙ සිරුරේ ක්‍රමයෙන් ගුණනය වෙනව.ඒ කෙනාගෙ ඇඟේ ප්‍රෝටින උපකාරි කරගෙන. කෝවිඩ්ට එරෙහිව සටනෙදි ඇඟ සෙබලු අවි ආයුධ හදා ගන්න ඕනෙ. ඒත් ඒකට වඩා වෛරස් එක ඇඟේ පැතිරෙන එක වේගවත් නම් රෝගියාට අමාරු වෙනව. ගුණනය වෙන සෛල අස්සෙ එකතුවෙන අපද්‍රව්‍ය නිසා රෝගියාට උණ එනව. ඊලඟට කැස්ස එනව. ඒ කෙල බිඳිති හදල තව රෝගියෙක්ට නෝ කරන්න පිටත් වෙලා යන්න.
එන්නත කරන්නෙ කෘතිමව අකර්මණ්‍ය කරපු වෛරස් එක අපෙ ඇඟට විදින එක.එහෙම කරාම එන්නත් ග්‍රාහකයාගේ සිරුර තුල වෛරසයට එරෙහිව ප්‍රතිදේහ සාදා ගැනීම ආරම්භ වන අතර එය රටක් ආක්‍රමණය කිරීමට එන සතුරන්ට එරෙහිව අවි ආයුධ සහ පුහුණු සෙබලු හදා ගන්නව වගෙ. ඊට අමතරව අපෙ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙ මතක තබා ගන්න සෛල වල මතකයට යනව කෝවිඩ් වයිරස් එක ගැන..
දැං එන්නත විදපු කෙනෙක් කෝවිඩ් වෛරස් එක හැදිල මාස්ක් එහෙම නොදා මීටරෙත් ඇමීටරේ කරගෙන වෛරස් එක හතර අතේ බෙදාගෙන කෙනෙක්ගෙ කැස්ස පාරකට අහු උනා කියමුකො. ඔන්න දැන් වෛරස් එක ඇඟට ස්වසන මාර්ගයෙන් ඇතුල් වෙනව. එහෙම වෙලා එයා ගුණනය වෙන්න යනකොට අපෙ සුදුරුධිරාණු වල තියන මතකය තියාගෙන ඉන්න සෛල මේ අර වැක්සින් එකෙන් විදපු එකා කියල අඳුන ගන්නව. ඒ එක්කම එයාලා වෛරසයට විරුද්ධව ප්‍රතිදේහ ඒ කියන්නෙ වෛරසයට එරෙහිව සටනට ආයුධ, සෙබලු හදන්න පටන් ගන්නව. ඒක වෙන්නෙ මහාපරිමානව පේ පාර. මොකද අපි කලින් අඩපණ කරපු වෛරස් එක විදල අඳුන්වල දීලනෙ තියෙන්නෙ..
ඉතින් දැන් සටනේ වාසිය අපිට. වෛරස් එකට මහා ලොකු දෙයක් කරන්න බැරි වෙනව. පොඩි අසනීප ගතියක් ඇති කරමින් හරි කිසිම අසනීප ගතියක් ඇති කරන්නෙ නැතුවම හොඳ වෙනව එන්නත විදල තියන කෙනෙක් ට..
ඉතින් අපි රටක් විදිහට අපෙ ජනගහනයෙන් 60%ක් එන්නත් කරන්න යන ව්‍යාපාරයක් ආරම්භ කරල තියෙන්නෙ..ඒක සාර්ථක උනොත් ආයෙමත් අපිට පරණ සතුටුදායක ජීවිතය ආපහු ලැබෙයි.. ඒත් මේ ව්‍යාපාරය කඩාකප්පල් කරන්න හිත යටින් කැසකවන අයත් ඉන්නව.. පැණි බෙහෙත් කාරයන්ගෙ ඉඳල රටම වැලලිලා යනකල් හිතේ කුහක කමෙන් ඉන්න බංකොලොත් දේශපාලන වියාපාර දක්වා කණ්ඩායම් ඕකට සැදී පැහැදී ඉන්නෙ..
අපි කරන්න ඕනෙ එන්නත ලබා ගන්න එක.. ඒවගේම එන්නත ලබා ගන්න අනික් අයත් උනන්දු කරන එක...
එන්නත ගත්තම අපි තව දුරටත් අනික් අයට රෝගය බෝ කරන්නෙක් වෙන එක අඩු වෙනව. ඒකියන්නෙ අපෙන් රෝගය බෝ වෙන්න චාන්ස් එක අඩු වෙනව..
එන්නත ගත්ත පලවෙනි දවසෙ දෙකෙ තියන උණ ගතිය ඇඟේ අමාරුව පැරසෙටමෝල් පැය 6න් හයට ගත්තම අඩු වෙලා යනවා.
අපෙ ළමයින්ට ඉස්කෝලෙ යන්න පරණ විදිහට ක්‍රීඩා කරන්න, රසාවට යන්න, විනෝද ගමන් යන්න ඒ වගේම අපේ ආදරණීය වැඩිහිටියො ආරක්ශාකාරීව එයාලගෙ සැඳෑ සමය ගත කරන්න ඔබ එන්නත ලබා ගැනීම අත්‍යාවශයි
වෛද්‍යය ධනංජය දසනායක මහතාගේ facebook ගිණුමෙන් ලබා ගත් උපුටා ගැනීමකි.
663 Views
Comments