ගුණදායක අලිගැටපේර

අලිගැටපේර කියන්නේ පෝෂණ ගුණයෙන් ඉතාමත් ඉහළ පළතුරක් බව ඔබ දන්නවා ඇති. ඉතින් අද අපි ඔයාලට අලිගැටපේර වල පෝෂණ ගුණය සහ සෞඛ්‍ය සම්පන්න කරුණු පිළිබඳව ඔබව දැනුවත් කරන්න වටිනා ලිපියක් අරගෙන ආවා.
මෙහි විද්‍යාත්මක නාමය වන්නේ " Persea americana " ( පර්සියා ඇමරිකානා ). අලිගැටපේර වර්ග බොහොමයක් තිබෙන අතර ඒවා විවිධ වර්ණයන්ගෙන් සහ හැඩයන්ගෙන් වෙනස් වනවා. මේ අතර රවුම් හැඩය සහ පෙයාර්ස් ගෙඩියක හැඩයෙන්ද කොළ සහ කළු වර්ණයන්ගෙන්ද සමන්විත වනවා. 220 g සිට 1.4 kg දක්වාම අලිගැටපේර වල බර වෙනස් වෙනවා. මෙම අලිගැටපේර වර්ග අතරින් ශ්‍රී ලංකාවේ තිබෙන කොළ පැහැති පෙයාර්ස් ගෙඩියක හැඩය ගන්නා අලිගැටපේර විශේෂය ඉතාමත් ජනප්‍රිය වනවා. මෙහි පුළුල් ලෙස විවිධ පෝෂකයන් අඩංගු වන අතර ඒ අතරට විටමින් වර්ග සහ ඛනිජ ලවණ වර්ග 20 කින් පමණ සමන්විත වනවා.
100g ක අඩංගු පෝෂකයන් මෙසේ වනවා.
- විටමින් K - 26%
- ෆොලේට් - 20%
- විටමින් C - 17%
- පොටෑසියම් - 14%
- විටමින් B5 - 14%
- විටමින් B6 - 13%
- විටමින් E - 10%
එමෙන්ම අඩු ප්‍රමාණයන්ගෙන් මැග්නීසියම්, මැන්ගනීස්, කොපර්, සින්ක්, ප්‍රොස්පරස් සහ විටමින් A, B1, B2 සහ B3 ද එහි අඩංගු වනවා. අලිගැටපේර වල අහිතකර කොලෙස්ටරෝල් සහ සෝඩියම් අඩංගු වන්නේ නැත. කෙසෙල් වල පවතින පොටෑසියම් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මෙම අලිගැටපේර වල තිබෙනවා.
ශරීරයට ඉතාමත් අත්‍යවශ්‍ය පෝෂකයක් වන පොටෑසියම් මගින් අධි රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝාත සහ වකුගඩු අක්‍රමවත් වීම අවම කර හැකියි. අලිගැටපේර වල පවතින මේදය වශයෙන් දැක්වෙන්නේ Oleic acid නම් මේදය සහිත ඇසිඩ් වර්ගයයි. එය පිළිකා වැළදීමේ අවධානම අවම කරනවා. මෙම අලිගැටපේර වල පෝෂණ ගුණය ඉතා ඉහළ නිසා බර අඩු කරගැනීමට ආහාර පාලනය කරන අයට ඉතාමත් හොඳ විසදුමක් වනවා. එමෙන්ම අහිතකර මේදය දහනය කිරීමටද පුළුවන්. රුධිරයේ සීනි මට්ටමට, හදවත් රෝග, ආතරයිටිස් වැනි රෝග අවම කර ගැනීමටද හැකියාව ඇත. ඇස් පේනීම දුර්වල අයටද අලිගැටපේර ආහාරයට ගැනීම හොඳ විසදුමක් වනවා. විශේෂයෙන්ම අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීමේ හැකියාව අලිගැටපේර සතු වනවා. එය විවිධ පරීක්ෂණ වලින් විශේෂඥයින් තහවුරු කරගෙන තිබෙනවා.
එය මෙසේ දැක්වේ,
- LDL කොලෙස්ටරෝල් ( අහිතකර ) 22% කින් අවම කිරීම
- HDL කොලෙස්ටරෝල් ( හිතකර ) 11% කින් වර්ධනය කිරීම
මෙය එළවළු සලාද , අයිස් ක්‍රීම් වැනි විවිධ ආහාර වර්ග වලටත් එකතු කර ගන්නා අතර අද වන ව්ට විවිධ සබන්, ක්‍රීම්, ෂැම්පු වැනි රූපලාවණ්‍ය නිශ්පාදන වලත් අලිගැටපේර අන්තර්ගත වනවා. රූපලාවණ්‍ය නිශ්පාදන වලට මෙය අන්තර්ගත වීමට මූලික සාධකයක් වන්නේ සමේ සහ හිසකෙස් වල තිබෙන ගැටළු වලට විසදුමක් වශයෙන් මෙය බොහෝ සෙයින් උපකාරී වන නිසයි. ඉතින් මෙම අලිගැටපේර පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ ඉතාමත් රසවත් පළතුරක් බව මෙම ලිපියෙන් ඔබට පැහැදිලි වූවා කියා අපට විශ්වාසයි.
by Kaushalya De Silva
Photo source : Internet
1221 Views
Comments