කාබන් විමෝචනය අඩු කරන විට ලෝක ආහාර මිල ඉහළ යයිද?

නව පර්යේෂණයන්ට අනුව, කාබන් ඩයොක්සයිඩ් වාතයෙන් ඉවත් කළ හැකි තාක්ෂණයන් අනාගත ආහාර මිල කෙරෙහි විශාල බලපෑමක් ඇති කළ හැකිය. විද්‍යාඥයින් පවසන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීම සඳහා CO2 වාතයෙන් ඉවත් කරන යන්ත්‍ර අවශ්‍ය වනු ඇති බවයි. නමුත් මෙම උපකරණ බලශක්තිය, ජලය සහ ඉඩම් පරිහරණය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනු ඇත. මෙම නව වාර්තාවට අනුව මෙම හේතූන් නිසා 2050 වන විට ලෝකයේ සමහර රටවල ආහාර බෝග මිල පස් ගුණයකින් වැඩි විය හැකිය.
2015 දී අත්සන් කරන ලද පැරිස් දේශගුණික ගිවිසුමෙන් පසු, ලෝකය 1.5C උෂ්ණත්වයකින් ඉහළ යෑමේ සීමාව තබා ගැනීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට පර්යේෂකයන් උත්සාහ කරයි. මෙය සාක්ෂාත් කරගැනීමට වැඩි උනන්දුවක් ඇති කළ තාක්ෂණයක් ඩිරෙක්ට් එයාර් කැප්චර් (ඩීඒසී) ලෙස හැඳින්වේ. එහිදී යන්ත්‍ර මගින් CO2 කෙලින්ම වායුගෝලයෙන් ඇද ගනී. මෙම ක්‍රමයේ පර්යේෂණාත්මක ස්ථාපනයන් ගණනාවක් සාර්ථකව ක්‍රියාත්මක කර ඇත. ඒ විශේෂයෙන් ස්විට්සර්ලන්තයේ සහ කැනඩාවේ. එහෙත් ඩී.ඒ.සී. යෙදවීම බෝග හා ආහාර මිල කෙරෙහි බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව මේ දක්වා පර්යේෂණ සිදු කර නොමැත. මෙම නව අධ්‍යයනය DAC ඇතුළු ඍණාත්මක විමෝචන තාක්ෂණයන් විශාල වශයෙන් යෙදවීම පිළිබඳව සොයා බලයි. මෙම අධ්‍යයනයට නායකත්වය දුන් වර්ජිනියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඇන්ඩ්‍රෙස් ක්ලැරන්ස් විසිනි.
මෙම යන්ත්‍ර ධාවනය කිරීම සඳහා අවශ්‍ය බලශක්ති හා ජල සම්පත් ඉතා විශාල පරිමාණයකින් සිදුවන බව වාර්තාව පවසයි. මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා ඩීඒසී වෙත විශාල තාප ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇතැයි කතුවරුන් පවසති. මේ සඳහා වර්තමාන ගෝලීය ස්වාභාවික වායු පරිභෝජනයෙන් 115% ට සමාන ශක්තියක් අවශ්‍ය වේ. ඒ තුලින් දුප්පත් රටවල් ආහාර මිල කෙරෙහි දරුණුතම බලපෑම් ඇතිවිය හැක. 2050 වන විට ඩීඒසී සඳහා ජලය ද සැලකිය යුතු පිරිවැයක් දරයි. ඩීඒසී විසින් අවශ්‍ය ඉඩම් ප්‍රමාණය අඩු කරන අතරම, සැලකිය යුතු ප්‍රමාණයේ බලශක්ති ප්‍රභවයන් සහ නව ඉඩකඩ ඊට අවශ්‍ය වේ.
වාර්තාවට අනුව, ඩීඒසී පුළුල් ලෙස භාවිතා කිරීමත් සමඟ ලෝකයේ බොහෝ ප්‍රදේශවල බඩ ඉරිඟු, තිරිඟු සහ සහල්වල සැලකිය යුතු මිල වැඩි වීමක් දක්නට ලැබේ. ඉන්දියාව, පාකිස්තානය සහ ආසියාවේ තවත් බොහෝ රටවල් වල තුන් ගුණයකින් හෝ පස් ගුණයකින් වැඩි විය හැකි අතර යුරෝපයට සහ දකුණු ඇමරිකාවට මිල දෙගුණයක් හෝ තුන් ගුණයකින් වැඩි විය හැකිය. ඒ අනුව කාබන් විමෝචනය පහත හෙලීමේ මෙම තාක්ෂණයට අමතරව වෙනත් විකල්පයන් භාවිතා කිරීමේ අවශ්‍යතාව මෙම අධ්‍යනය මගින් පෙන්වා දී තිබේ.
by Dilki Shamani
source : bbc.com
1096 Views
Comments