ලොව ලස්සනට නම්දැරූ සුරූපිනියෝ

කාන්තාවන් ස්වභාවයෙන්ම ලස්සනයි. නමුත් මේ සූදානම් වෙන්නේ ලස්සන නිසා ඉතිහාසගත වුණු කාන්තාවන් කිහිප දෙනෙක් ගැන විස්තර කියන්න.
සුන් වින් ලින්
1911 වසරේදී චීනය නිර්මාණය කරන ලද සුන් යෙත් සෙන්ගේ දෙවැනි බිරිඳ ඇයයි. චීන දේශපාලන භූමිකාව තුළ වැදගත් චරිතයක් නිරූපණය කළ සුන් චින් නිර්භයව රජය විවේචනය කළා. බුද්ධිමත් කාන්තාවක් ලෙසින් සම්මානයට පත් ඇය රුව ලස්සන පමණක් නොව මෝස්තර නිර්මාණයට වැදගත් නමක් දරා සිටියා. ඇය නව චීන රජයේ විවිධ තානාන්තර දැරූ අතර 1949-1975 කාලවලදී උප සභාපතිනිය ලෙසින්ද 1954-1959 සමයේ දක්වා කාලයේදී චීන මහජන කොංග්‍රසයේ උප සභාපතිනිය ලෙසින්ද කටයුතු කලා. සංස්කෘතික පුනර්ජීවනය වෙනුවෙන් විශාල මෙහෙයක් කළ සුන් චින් ලින් 1981 වසරේ සිය දේශපාලනයෙන් පමණක් නොව ජීවිතයෙන්ද සමුගත්තා.
ජෝවාන් ආර්ක්
ජෝවාන් ආර්ක් උපත ලැබූවේ රෝමානු කතෝලික සාන්තුවරු යුවළගේ දියණියක් විදියට. හත්වන චාල්ස් රජතුමාට සියක් අවුරුදු යුද්ධයේ දී ප්‍රංශය බ්‍රිතාන්‍යයෙන් ගලවාගැනීමේ මෙහෙවරට ජෝවාන් දායකවුනා. පිරිමියෙකු සේ වෙස් වළාගෙන එංගලන්තයේ සිට ප්‍රංශයට හමුදාව රැගෙන යන විට ඇයට වයස අවුරුදු 15කි. රූමත් දැරියක් වූ ජොවාන් පිරිමියෙකුගේ හැඩිදැඩි පෙනුම වෙනුවෙන් ඇගේ කෙස් වැටිය කපා ගත්තා පමණක් නොවෙයි යුද ඇඳුම් හැඳ පිරිමි පෞරුෂය ළඟා කරගත්තා.
කෙසේ වුනත් ඇගේ ද්විත්ව රංගනය නිසා ප්‍රංශයට ජය හිමි වුනත් අවසානය රාජ්‍ය විරෝධී චෝදනාවන් මත ජීවිතයෙන් වන්දි ගෙවන්න ඇයට සිද්ධ වුණා. 1412 වසරේදී උපත ලබන ඇගේ සුරතල් නාමය මේඩ් ඔෆ් ඕලියන්ස් යන්නයි.
ක්ලියෝපැට්රා
රෝම ඉතිහාසයේ මිනිසුන් උමතු කරවන රුවින් හෙබි ක්ලියෝපැට්රා බුද්ධිමත් කාන්තාවක්. මිසර රජයේ ටොලමරිගේ දියණියක ලෙසින් සැලකෙන ඇය රෝම අධිරාජ්‍යයන් අතර බලවතුන් වූ මාක් ඇන්ටනි සහ ජුලියස් සීසර් වැනි ප්‍රබල යන අතර ක්ලියෝපැට්රා සහජීවනයෙන් කටයුතු කළ කාන්තාවක්. මිනිසුන් වසඟ කරවන රූ සපුවකින් හෙබි ඇය භාෂා කිහිපයක් දැනසිටියා. ක්ලියෝපැට්රාගේ අරමුණ වූයේ තම පෙළපත් උරුමය තහවුරු කරමින් මිසර බලය ශක්තිමත් කිරීමට සහ රෝමය පාලනයට සම්බන්ධ වීමයි. ක්‍රි.පූ 51 වැනි වසරේ ක්ලියෝපැට්රා රාජ්‍යත්වයට පත්වන අතර ටොලමිගේ විරුද්ධවාදීන් විසින් ඇය පිටුවහල් කරනවා. සිරියාවට පලාගිය ක්ලියෝපැට්රා සේනාව සංවිධානය කරමින් මිසරය දිනාගත්තා.
ජැකලින් කෙනඩි ඔනාසිස්
1929 වසරේ ජූලි 28 වැනිදා ලබන ජැකලින් කෙනඩි ඔනාසිස් ඇමරිකා එක්සත් ජනපදය ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ බිරිඳයි. ජෝන් වර්නියු බවුනර් සහ ජැනට් ලී බවුනර් ඇගේ දෙමව්පියන් වූවා. 1951 වසරේ වොෂිංටන් විශ්වවිද්‍යාලයෙන් ප්‍රංශ සාහිත්‍යය පිළිබඳ උපාධිධාරිණියක් වූ ජැකලින්ට ජෝන් කෙනඩි මුණගැසුණේ රාත්‍රී ආහාරයක් වෙනුවෙන් පවත්වන ලද සාදයකදී. එහි දී ඇති වුන හිතමිතුරුකම් 1953 විවාහය දක්වාම පැවති අතර 1963 වසරේ කෙනඩි මිය යන තෙක් ඇය ඔහුගේ සෙවණැල්ල සේ සිටියා. ඉන්පසුව 1968 මේ කාන්තාව ඇරිස්ටෝටල් ඔනාසිස් සමග විවාහ වුණා. ඇමරිකා එක්සත් ජනපදය පළමු කාන්තාවක් වූ ඇය ගැන කතාබහ කරනවිට රුව ලස්සන පිළිබඳ කතා නොකරම බැරි තරම් රූමත් කාන්තාවක් වුණා.
මාරි ඇන්ටනට්
ප්‍රංශ ජනතාව වසඟ කරන රුව ලස්සන හෙබි මාරි ඇන්ටනට් බිසව ඔස්ට්‍රියානු ජාතික කාන්තාවක්. ඈ විවාහ වෙන විට වයස අවුරුදු දාහතරයි. නිල්වන් ඇස් රන්වන් පෙනුම සහ හිසකෙස් නිසාම ඇය ඇස් වසඟයට පත් කරන රුවින් හෙබි චරිතයක් බවට පත්වෙලා සිටියා.
by Dilki Shamani
Photo Source: Internet
877 Views
Comments