මෙහෙම වෙන්නේ ඇයි?

අප අවට සිදු වන සෑම ක්‍රියාදාමයකටම යම් විද්‍යාත්මක හේතුවක් තියෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.
සමහර පැපොල් ගස්වල මල් හැදුනත් ගෙඩි හැදෙන්නේ නැත්තේ ඇයි?
පැපොල් ගස්වල ගෙඩි හටගන්නේ චායාංගි පුෂ්ප හා පුමාංගි පුෂ්ප අතර පරාගණය සිදුවීමෙන්. නමුත් සමහර පැපොල් ගස්වල හටගන්නේ පූමාංගී පුෂ්ප විතරයි. ඒ නිසා පරාගන කාර්යය සිදු නොවන බැවින් ගෙඩියට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ.
ගෝනියක කට ගැටගසා තැබීමෙන් කෙසෙල් කැන් ඉක්මනින් රිදෙන්නේ ඇයි?
කෙසෙල් කැනක් ඉදෙන්නේ කෙසෙල්වල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක් නිසා. කෙසෙල් කැනක් ගෝනියකට බහා කට ගැටගසා තැබූ විට ඒ තුළ ඇති උෂ්ණත්වය නිසා රසායන ප්‍රතික්‍රියා වේගවත් ඒ කෙසෙල් ඉක්මනින් ඉදෙනවා.
හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දුඹුරු පැහැ බෝතල් වල ගබඩා කරන්නේ ඇයි?
හිරු එළිය වැටුණු විට වැටුන විට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය වී ඔක්සිජන් හා ජලය බවට පත්වෙනවා. ඒ නිසා ආලෝකය නොවැටෙන පරිදි දුඹුරු පැහැ බෝතල් වල අසුරා තබනවා.
දැඩි සූර්ය රශ්මියෙන් සහිත දවල් කාලේ හදිසියේ වර්ෂාවක් ඇතිවූ විට තාර යෙදු මාර්ග වල දුම් පිට වෙන්නේ ඇයි?
දහවල් කාලයේදී තාරපාර හොදින් රත්වී තියෙනවා. වැසි ජලය ඒ මතට වැටෙන විට පාර රත්වී ඇති නිසා ජලය වාෂ්ප වීමට පටන් ගන්නවා. එම ඉහළ නගින වාෂ්ප ඝනීභවනය වන විට දුමක් වගේ පිටවී යනවා.
යමක තදින් සවි කර ඇති ඇණයක් ගැලවීමට සිහින් ඉස්කුරුප්පු නියනට වඩා මිට මහත ස්කුරුප්පු නියන භාවිතය පහසු වෙන්නේ ඇයි?
ඇනේ ගැලවීමට ඉස්කුරුප්පු නියන කරකැවිය යුතුයි. එය කරකැවීම සඳහා බල යුග්මයක් ක්‍රියාත්මක විය යුතුයි. මිට සිහිනියට වඩා මිට මහත ඉස්කුරුප්පු නියනේ මිට මහත් වන විට බල යුග්මයේ ඝූර්ණය වැඩි නිසා ඉස්කුරුප්පු ඇණය ගැලවීමට වඩාත් සුදුසු වන්නේ මිට මහත ඉස්කුරුප්පු නියනක්.
සාමාන්‍ය වාතය පිරවූ බැලුනයක් අතහැරිය විට පහළ බසින නමුත් හයිඩ්‍රජන් වායුව පිරවූ බැලූනයක් අතහැරිය විට ඉහළ යන්නේ ඇයි?
සාමාන්‍ය වාතය පිරවූ විට එය බරින් වැඩියි. එම නිසා ඒ මත ක්‍රියාකරන්නේ උඩුකුරු තෙරපුම් බලය අඩු බැවින් බැලුනය පහළට ගමන් කරනවා. නමුත් හයිඩ්‍රජන් වල ඝනත්වය වාතයේ ඝනත්වයට වඩා අඩුයි. එම නිසා හයිඩ්‍රජන් වායුව පුරවා ඇති බැලුනය මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම වැඩි නිසා බැලුනය ඉහලට ගමන් කරනවා.
සමාන ජල පරිමා තුළ ලුණු කැට වලට වඩා කෙටි කාලයකදී ලුණු කුඩු දිය වෙන්නෙ ඇයි?
ලුණුකැට ජලය සමග ගැටෙන පෘෂ්ඨ වර්ගඵලයට වඩා ලුණු කුඩු ජලය සමඟ ගැටෙන පෘෂ්ට වර්ගඵලය ඉතාම වැඩියි. එම නිසා ලුණු කැට වලට වඩා ඉක්මණින් ලුණු කුඩු ජලයේ දියවෙනවා.
විදුලි බුබුළු තුළට පීඩනය යටතේ වූ ආගන් වායුව පුරවන්නේ ඇයි?
විදුලි බල්බය තුළ සාමාන්‍ය වාතය පිරවූ විට රත්වනවිට සූත්‍රිකාව දැවී යනවා. ආගන් වැනි නිෂ්ක්‍රීය වායුවක් පිරවූ විට රසායනික ප්‍රතික්‍රියා සිදු නොවන නිසා සූත්‍රිකාව දැවීයන්නේ නැහැ. බල්බය තුළ සාමාන්‍ය පීඩනය යටතේ වාතය පුරවා ඇති විට රත් වීමේදී වාතය ප්‍රසාරණය වී බල්බය පුපුරා යනවා. අඩු පීඩනයකින් යුක්ත වූ වාතය පිරවූ විට එසේ පුපුරා යන්නේ නැහැ.
by Dilki Shamani
Photo Source: Internet
902 Views
Comments