ලංකාවේ හුණුගල් පොකුණ
හුණුගල් යනු අවසාධිත පාෂාණයකි. මේවා ප්‍රධාන වශයෙන් ජලය යට නිර්මාණය වේ. එලෙස නිර්මාණයවීම සඳහා වසර ලක්ෂ ගණනක් පමණ ගතවන අතර තට්ටු අඩි දහස් ගණනක ඝනකමින් යුක්ත වේ. පාෂාණ නිර්මාණය වන ආකාරය අනුව එහි වර්ග ත්‍රිත්වයකි. එනම් ආග්නේය පාෂාණ, අවසාධිත පාෂාණ සහ විපරීත පාෂාණ. ලංකාවේ හුණුගල් ගුහා බොහෝමයක් පවතින අතර ඒවායින් කිහිපයක් නම් වවුල්පනේ, මාරපන, පන්නිල, සීතාකොටුව, සඳගිරිය, ස්ත්‍රිපුර, නිල්දිය පොකුණ, ඉදල්ගස්හින්න, රොටුපිහිල්ල, යාපනය පෙරියමන්ඩපම්, මාතලේ, ඕපනායක ඇඳිරිලෙන ආදී ඉසව් වේ. ස්වභාවයෙන්ම හුණුගල් යනු ජලය තිබෙන පාෂාණ වන අතර ඒ සියලුම ඉසව්වල වාගේ ජලය උපදින දිය දහරාවන් පිරුණු භූගත ස්ථාන වලයි.
නමුත් විශාල හුණුගල් පොකුණු ලෙස පද්ධතියක් පිහිටි අපූරු ස්ථානයක් වලවේ ගඟේ නැගෙනහිර දියඇල්ල වන දූවිලි ඇල්ල ආසන්නයේ පවතින අතර එම ඉසව්ව මේ වනවිට දේශීය සංචාරකයින්ගේ ප්‍රධානතම ඉසව්වක් වී ඇත. සමනළ වැව ජල කාන්දුව ගලාගෙන එන මුල්ගම, රජවක ඉසව්වේ මහ වනය මැද වන අලි ගැවසෙන රක්ෂිතය තුළ හුණුගල් වර්ධනය වී ඇති අතර මෙම හුණුගල් පොකුණ පිහිටි ගම්මානය තුළ ස්ථාන රාශියක් පවතිනවා.
මෙයට හුණුගල් පොකුණ කියා හඳුන්වන්නේ ස්වභාවිකවම හුණුගල් ඛාදනය වී පොකුණු මෙන් වටවුණු කුඩා තටාක බොහෝමයක් නිර්මාණය වී ඇති නිසයි. මෙම හුණුගල් පතුල කොන්ක්‍රීට් බදාමයක් දැමුවාක් මෙන් නැතහොත් පිහිනුම් තඩාගයක පතුල මෙන් විනිවිද භාවයෙන් යුක්ත වූ අතර එ්වා කිසිලෙසකත් කැලතී හෝ අපවිත්‍ර වී නැත. මෙම හුණුගල් තුළ වැටුනු විවිධ කුඩා ජලජ ශාක සේම දිය පහර මැද හුණුගල් මධ්‍යයේ වැඩුණු සුවිසල් ගස් දක්නට ලැබේ. විටෙක මෙහි යම් ස්ථාන නිරීක්ෂණය කළවිට මුහුදු පත්ලේ පිහිටි කොරල්පරවල ආකාරයෙන්ම ජලය යට දැකගත හැකිය. අධි කැල්සියම් සහිත මෙවැනි ස්ථානයකින් ජල ස්නානය උචිත නොවන අතර එමඟින් හුණුගල් විනාශවීම සිදුවිය හැක. කාලාන්තරයක් මුළුල්ලේ පරිසරයට උචිත ලෙස ආවරණය වූ බැවින් මෙම ඉසව්වේ සමතුලිතතාව බිඳීමකට ලක්විය හැක.
වසර මිලියන ගණනක් පුරාවට වැඩුණු මෙම හුණුගල් පද්ධතිය කැඩීමක් සිදු නොවිය යුතු හෙයිනි. තවද බොහෝ පිරිසක් නිරතුරුව මෙම හුණුගල් තට්ටු මතින් ගමන් කිරීමේදී හා බොහෝදුරට බර රඳවාගැනීමේ ප්‍රමාණය ඉක්මවා ගියවිට මෙම හුණුගල් තට්ටු කැඩී යා හැක. එබැවින් නිතරම හුණුගල් මත ගමන් නොකර ඉවුරු දෙපසින් ගමන් කර එහි සුන්දරත්වය විඳීම සෑම සංචාරකයකුගේම වගකීමක් වෙනවා.
By : Dilki Shamani
Photo Source : Internet
908 Views
Comments