සුන්දර බාලි දූපතේ සවාරිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

සුන්දර බාලි දූපතේ සවාරිය

සුන්දර බාලි දූපතේ සවාරිය

ආසියාවේ පිහිටා තියෙන සංචාරක ගමනාන්ත අතරින් ඉන්දුනීසියාවේ පිහිටි බාලි දිවයිනට ඉහළ පිළිගැනීමක් තියෙනවා. වර්ග කිලෝමීටර කිලෝ මීටර 5,780 ක් පමණ වන මුළු බාලි දූපත පුරාවට වසරේ සෑම දිනයකම වාගේ සංචාරකයන් පිරී පවතිනවා. සාමාන්‍යයෙන් වසරකට මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් මෙහි සංචාරය සඳහා පැමිණෙන බව වාර්තා වෙනවා. ඒ නිසාම බාලි දූපත් ආශ්‍රිතව මුහුදු වෙරළෙ සුඛෝපභෝගී නවාතැන් වගේම සංචාරකයන්ට අවශ්‍ය සියලුම පහසුකම් එහි සපයා තියෙනවා. බාලි දිවයින සංචාරය සඳහා අඩු වියදම් ගමනාන්ත අතරට එක් වන අතර එහිදී සංචාරකයන්ට ඉතා සුවිශේෂී අත්දැකීම් විදින්නට හැකියාව ලැබෙනවා.

මුහුදු මැද රාත්‍රී භෝජන සංග්‍රහය- බාලි දිවයින වටාම ආකර්ෂණීය මුහුදු වෙරළයන්ගෙන් සමන්විත වන නිසා එහි පුරාම පැතිරී ඇති විවිධ ආපනශාලා මගින් සංචාරකයන්ට අමතක නොවන සංචාරක අත්දැකීම් ලබා දෙනවා. ඒ අනුව ඇතැම් සුඛෝපභෝගී ආපනශාලා මගින් මුහුදු මැද භෝජන සංග්‍රහයන් සූදානම් කරනවා.

බාලි වඩාත් ප්‍රසිද්ධ වන්නේ අමතක නොවන ඔංචිල්ලා පැදීමේ ක්‍රියාකාරකම නිසයි. ඉන්දුනීසියාවේ වනාන්තර හා කුඹුරුවලින් හමා එන සිසිල් සුවඳ විඳිමින් ඔංචිලි පිළිපැදීමේ අවස්ථාව සංචාරකයන්ට හිමි වෙනවා. බැලූ බැල්මටම ඉතා ගැඹුරු ප්‍රපාත සහිත ස්ථානයන්හි ආරක්ෂිතව මේ ඔංචිලි පැදීමේ පහසුකම් සංචාරකයන් වෙනුවෙන් ඉදිකර තියෙනවා. එහි විවිධ පැකේජ සංචාරකයන් වෙනුවෙන් මිලදී ගැනීමට හැකියාව තියෙනවා.
ඉවුම් පිහුම් පාඨමාලාව කියන්නෙත් සංචාරය අතර තුරදී සංචාරකයන්ට ලබා ගත හැකි තවත් සුවිශේෂී අත්දැකීමක් වෙනවා. බාලි දූපත එයට ආවේණික වූ ඉවුම් පිහුම් කලාවන්ගෙන් සහ සුවිශේෂී ආහාර වට්ටෝරු වලින් සමන්විත වෙනවා. මේ නිසා ඇතැම් අවන්හල් විනෝදජනක ක්‍රියාකාරකමක් සංචාරකයන්ට ලබා දීමට උත්සාහ කරනවා. ඔවුන්ට එහි දේශීය පැලෑටි එළවළු මස් ආදිය මිලදී ගෙන සිය ආහාර වේලක් සකස් කර ගැනීමේ අවස්ථාව සකස්කර දෙනවා.

 

 

 


ඇන්ගුන් කන්දට නැග එහි හිරු උදාව නැරැඹීමත් බාලි සංචාරයේ තවත් ප්‍රමුඛතම ක්‍රියාකාරකමක් වෙනවා. අඩි 3000ක් පමණ ඉහළින් පිහිටා තියෙන කන්දට සංචාරක ආකර්ෂණය ඉතාම වැඩි. ඒ ඉන්දුනීසියාවේ භූ දර්ශනය හොඳින් නැරඹීමට ඉන් අවස්ථාව ලැබෙන නිසයි. කඳු නගින්නන් අතර මෙය බොහොම ප්‍රචලිතවී තියෙනවා.

ඉතින් සුන්දර බාලි දිවයින කියන්නේ වැඩි වියදමක් නැතිව ලොව වටා සංචාරය කරන්න කැමති අයට ගැලපෙන හොඳම සංචාරක ගමනාන්තයක් වෙනවා. ශ්‍රී ලංකාවේ යම් යම් සංචාරක ආයතක ආයතන විසිනුත් බාලි දිවයිනේ සවාරි සංවිධානය කරන බව දකින්න ලැබෙනවා. ස්වාභාවික සුන්දරත්වය අත්විඳින්න කැමති කෙනෙකුට බාලි කියන්නෙ පාරාදීසයක්.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

851 Views

Comments

arrow-up