එක එක රසට ආප්ප

ලොකු පොඩි කවුරුත් අතරත් උදෑසන හෝ රාත්‍රී ආහාරයක් විදිහට කන ආප්ප කියන්නේ ඉතාම ජනප්‍රිය කෑමක්. ආප්ප එක එක රසට හදන්න පුළුවන් බව ඔබ දන්නවාද? හැම එකක්ම හදන්න මූලික වෙනආප්ප මිශ්‍රණය හදන හැටි මුලින්ම බලමු.
දියකිරි හා පිටි කර ගත් හාල් වලට ඊස්ට් සීනි ලුණු ටිකක් එකතු කර භාජනයේ කට බැඳ වසා තබා පැය 6කට විතර පස්සේ මිශ්‍රණයට මිටි කිරි එක් කරන්න. එය ගොරෝසු මිශ්‍රණයක් වුණාට පසුව තාච්චිය සූදානම් කර ගන්න අවශ්‍ය වෙනවා.
තාච්චිය හොඳින් රත් වුණු පසු තල තෙල් හෝ මාගරින් ස්වල්පයක් තාච්චියේ ආලේප කර පිටි හැන්දක් රත්වුණු තාච්චියට දමා කරකවන්න. මැදින් පිටි මිශ්‍රණය තිබීම වැදගත් වෙනවා. දැන් තාච්චි හොඳින් වසා පිසී ඇතැයි සිතෙන විට තාච්චියේ වැස්ම ඉවත් කර බලන්න.
බිත්තර ආප්ප
බිත්තර ආප්ප නම් ගොඩක් දෙනෙක් දන්නවා. සාමාන්‍ය ආප්ප සකස් කරන පදමටම සකස් කරගෙන. ඊට මැදින් බිත්තරයක් කඩා දමා එයට ලුණු සහ ගම්මිරිස් එක් කිරීමෙන් රස බිත්තර ආප්ප හදාගන්න පුළුවන්.
බිත්තර ඔම්ලට් ආප්ප
බිත්තර කඩාගෙන භාජනයකට දමන්න. දැන් සාමාන්‍ය ඔම්ලට් එකක් වෙනුවෙන් ගන්න අමුමිරිස් රතුළූණු ලුණු ගම්මිරිස් ඊට එක්කරන්න. කිරි ස්වල්පයක් එක්කරන කරන්න. ආප්ප මිශ්‍රණයෙන් හැන්දක් තාච්චියට දමා එය මැදට බිත්තර මිශ්‍රණය දමන්න. බිත්තර මිශ්‍රනය එක්කිරීමෙන් ආප්පයේ මැද ඝනකම කොටස නොසිටින සේ තබා බිත්තර මිශ්‍ර කර පෙර පරිදිම ආප්ප හොඳින් පිසගන්න.
පීසා ආප්ප
මුලින්ම pizza මිශ්‍රණය සකස් කරගන්න අවශ්‍ය වෙනවා. ඊට කුකුල් මස් කුඩාවට කපා මාළුමිරිස් තක්කාලි සිහින්ව කපාගෙන තෙල් ලිපතබා කුකුල් මස් බැදෙන්න හැර එයටම සුදුලූනු ගම්මිරිස් ඉඟුරු කරන්න. සියල්ල හොඳින් පිසුන පසු සෝස් ස්වල්පයක් එකතු කර මිශ්‍රණය සකස් කරගන්න අවශ්‍ය වෙනවා. දැන් සාමාන්‍ය ආප්පයට මැද නොමැති සකස් කර ගත් පීසා මිශ්‍රණය එක් කරන්න. ඊට උඩින් චීස් යොදා අලංකාර කරගන්න.
සීනි සම්බෝල ආප්ප
මැදට තනාගත් සීනි සම්බෝල දමා දෙකට නවා ගන්න. එවිට අපූරු සීනිසම්බෝල ආප්ප ඔබට සකස් කරගන්න පුලුවන්.
චීස් ආප්ප
චීස් වලට බිත්තර හෝ එළකිරි ගෙන හොඳින් කලවම් කරන්න. ඊට ගම්මිරිස් සහ ලුණු එකතු කරන්න. ආප්ප සාමාන්‍ය විදියට සකස් කරගෙන මැද නොසිටින සේ මිශ්‍ර කරන්න. චීස් මිශ්‍රණය එකතු කර වසා රසවත් චීස් ආප්ප පිළියෙල කරගන්න.
by Dilki Shamani
Photo Source: Internet
697 Views
Comments