කොකනට් ලඩ්ඩු

ඔන්න අද අපි ඔයාලට ගෙනාවා ඕනෑම උත්සව අවස්ථාවකට, සවස තේ මේසයට, ගෙදරට එන අමුත්තන්ට සහ පවුලේ ලොකු පොඩි ඕනම කෙනෙකුට ඉතා ඉක්මනින් හදලා දෙන්න පුළුවන් රසවත් රෙසපියක්.
ඉන්දියාවෙ නම් ලඩ්ඩු කියන්නේ ඉතාම ජනප්‍රිය වගේම ප්‍රධාන රසකැවිල්ලක්.
එයාලා හැම සුවිශේෂී අවස්ථාවකදිම විවිධ විදිහට සාදාගත් ලඩ්ඩු වර්ග අනිවාර්යයෙන්ම එකතු කර ගන්න අමතක කරන්නෙ නෑ.
විවිධ ලඩ්ඩු වර්ග අතරින් ලේසියෙන්ම විනාඩි 20 කින් සහ අමුද්‍රව්‍ය 04 කින් ඔයාලටත් මේ කොකනට් ලඩ්ඩු එහෙමත් නැත්නම් පොල් ලඩ්ඩු හදලා රස බලන්න වගේම තේ මේසයට පිළිගන්වන්නත් පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය,
- ඩෙසිකේටඩ් කොකනට් ග්‍රෑම් 325 ක් ( ඕනෑම සුපිරි වෙළඳසැලකින් මිළදී ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් හීනියට ගාගත් පොල් භාවිතා කරන්නත් පුලුවන් )
- ටින් කිරි පොඩි ටින් 01 ක්
- වැනිලා ස්වල්පයක්
- බටර් හෝ එළගිතෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය,
මුලින්ම පෑන් එකක් ලිප තබා එය රත් වූ පසු එයට බටර් හෝ එළගිතෙල් ස්වල්පයක් එකතු කරගන්න.
ඉන්පසු එයට ඩෙසිකේටඩ් කොකනට් හෝ සිහින්ව ගාගත් පොල් ටික සහ ටින් කිරි ටින් එක එකතු කර අඩු ගින්දරේ නොනවත්වා කලවම් කරගන්න.
ටික වේලාවකින් කලවම් කරද්දි පෑන් එකේ නොඇලෙන උකු මිශ්‍රණයක් වෙනවා. එතකොට එයට වැනිලා ස්වල්පයක් එකතු කර හොඳින් කලවම් කර ලිපෙන් ඉවතට ගන්න.
ටික වේලාවක් නිවෙන්න තියලා අත් දෙකේ බටර් හෝ එළගිතෙල් පොඩ්ඩක් ගාගෙන පොඩි බෝල හදාගන්න. කැමතිනම් ඩෙසිකේටඩ් කොකනට් හෝ ගාගත් පොල් වලින් සාදාගත් ලඩ්ඩු ටික නැවතත් දවටා ගන්න.
by Kaushalya De Silva
Photo source : Internet
889 Views
Comments