පලතුරු අයිස්ක්‍රීම් වර්ග - 02

මැන්ගෝ අයිස්ක්‍රීම්
අවශ්‍ය දෑ,
- හොඳට ඉදුණු අඹ ගෙඩි 3ක්
- විප්ක්‍රීම් 500ml
- ටින්කිරි පොඩි ටින් 1
- කහපාට කලරින් ටිකක් (අවශ්‍ය නම්)
- වැනිලා ටිකක්
සාදන ආකාරය:
විප්ක්‍රීම් ටික ශිතකරණයෙන් ගත් විගසම සිතල පිටින්ම ඝණ වනතුරු හොදින් බීට් කරගන්න. මෙයට ටින්කිරි ටික එකතු කරගන්න. අඹ ටික කෑලි කර හොදින් බ්ලෙන්ඩ් කරගන්න. මෙම මැන්ගෝ පල්ප් එක විප්ක්‍රීම් මිශ්‍රණයට දමා ඒකට වැනිලා ටිකක් එකතු කරගන්න.
අවශ්‍ය නම් කහපාට කලරින් ටිකකුත් එකතු කරගනිමින් හොඳින් බීට් කරගන්න. කැමති නම් අඹ කෑලි ටිකක් වෙනම මෙයට එකතු කර කලවම් කරගැනීමටද පුළුවන්.
මෙම මිශ්‍රණය භාජනයකට දමා ශීතකරණයට දමා පැයකින් පමණ එළියට ගෙන නැවත ටිකක් බීට් කර ශීතකරණයට දාන්න. එලෙස දෙතුන් පාරක් පැයෙන් පැයට බීට් කරගනිමින් අවසන් වතාවට ශීතකරණයට දමා සීත කර පිළිගන්වන්න.
ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්
අවශ්‍ය දෑ,
- ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 200
- විප් ක්‍රීම් හෝ හෙවි ක්‍රීම් කෝප්ප 2
- ටින්කිරි කෝප්ප 1
- ස්ට්‍රෝබෙරි එසන්ස් තේ හැඳි 1
- රෙඩ් කලරින් බින්දු දෙක තුනක් (අවශ්‍ය නම්)
සාදන ආකාරය:
ස්ට්‍රෝබෙරි ටික හොදින් බ්ලෙන්ඩ් කරගන්න. භාජනය හා බීටරය යන උපාංග දෙක ශීතකරණයේ විනාඩි 30ක් පමණ තබා එළියට ගන්න. දැන් විප් ක්‍රීම් ටික භාජනයට දමා බීට් කරගන්න.
හැන්දකින් ගත් විට උඩට හිටින තරමට බිට් කරගෙන ඇත්නම් ප්‍රමාණවත්. දැන් මෙයට ටින්කිරි ටික එකතු කරගන්න. නැවතත් හොඳට බීට් කරගන්න. පසුව මේ මිශ්‍රණයට බ්ලෙන්ඩ් කරගත් ස්ට්‍රෝබෙරි ටික එකතු කරන්න.
හැන්දකින් හොඳට කලවම් කරගන්න. ස්ට්‍රෝබෙරි එසන්ස් එකතු කරගන්න. කලරින් බිංදු කිහිපයක් එකතු කරලා හොදින් කලවම් කරගන්න. දැන් මෙය භාජනයකට දමා හොඳින් තද වෙන්න වසා පැය 6ක් පමණ ශීතකරගන්න. පිළිගන්වන්න.
by Kaushalya De Silva
Photo source : Internet
948 Views
Comments