සිංහල ජන කවිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
23

සිංහල ජන කවිය

සිංහල ජන කවිය

440 විවිධ වූ භාෂාවන්ට ආවේණික වූ සාහිත්‍යයන් ඇත. සමහර භාෂාවලට සාහිත්‍යයක් නොමැති අවස්ථාවන්ද දක්නට ඇති අතර බොහෝමයක්ම භාෂාවලින් ලියැවුණු සාහිත්‍ය ග්‍රන්ථයන් දකින්නට ලැබේ. මේ අතර කාව්‍යයයන්ට හිමි වන්නේ ඉතාමත්ම විශේෂ ස්ථානයක්. ඒ ඒ කාල වකවානුවලදී ජීවත් වූ උගතුන් විසින් මෙම කාව්‍යයන් ලියන ලදි.

 

ශ්‍රී ලංකාව ගත් විට ගුත්තිල කාව්‍යය, සැළලිහිණි සංදේශය, කවිසිළුමිණ වැනි කෘතීන් හදුන්වා දිය හැකිය. මේ එක් එක් කාව්‍යයන් යම් යම් කාල වකවානුවලදී කිසියම් වූ ලේඛකයකු විසින් රචනා කරන ලද්දක් බව කිසිදු සැකයක් නොමැත. උදාහරණයක් ලෙස ගතහොත් සැළලිහිණි සංදේශය ලියන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි විසූ ශ්‍රී රාහුල හිමියන් විසිනි. මේ ආකාරයට යම් යම් උගතුන් විසින් ලියන ලද්දාවූ කෘතීන් වලට අමතරව, ජනතාව අතරම ඇත්තාවූ පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා කරගනිමින් එන තවත් කාව්‍ය මාර්ගයක් තිබේ. එය අප සාමාන්‍යයෙන් " ජන කවි " ලෙස හදුන්වනු ලබනවා.

 

ජන කවිය පිළිබඳව කරුණු දෙකකින් පැහැදිලි කිරීමට හැකියි. ඒ උගත් වූ සාහිත්‍යයක් ඇති වුවද , නැති වුවද ඕනෑම ජන කොට්ඨාශයක් තුළ මෙම ජනකවිය ජනිත වීමට හැකියාව ඇති බවත් උගත් සාහිත්‍යයක් පහළ වීමට පෙර සිටම ජනකවි ජනිත වීම ස්වාභාවිකවම සිදු වන්නක් බවයි. ලොව ඕනෑම සාහිත්‍යයක් හා භාෂාවක් දෙස අප විමසා බැලූ කළ උගත් වූ කවියන් කාව්‍යය සංග්‍රහයන් ලිවීමටත් පෙර සිට පැවත එන ජන කවි සාහිත්‍යයක් පැවති බවට පිළිගත් මතයකි. සිංහල ජන කවි ඉතාහාසය ගත් කළ එයට ඉතා දීර්ඝ වූ ඉතිහාසයක් පවතී. බුද්ධඝෝෂ හිමියන්ගේ පාළි අටුවා පොතක සඳහන් වන ආකාරයට ගෙවිලියක විසින් ගායනා කරන ලද හෙළ ගීයක් අසා සැටක් වූ පමණ භික්ෂූන් රහත් වූ බවටද එහි සඳහන් වෙනවා. මේ අප ඔබට පැහැදිලි කර දෙන්නේ සිංහල උගත් වියතුන් විසින් කාව්‍ය ග්‍රන්ථයන් ලිවීමට පෙරාතුව සිට කාලයේ පටන් පැවති " ජනකවි " කීමෙහි පුවතක් වන්නටත් පුළුවන්. මූලිකවම මෙම ජනකවි පොත්වල සටහන් කිරීමට පෙර මිනිසුන්ගේ මතකයෙහි රැදුණු ඒවා විය.

 

කලින් කලට භාෂාව ක්‍රම ක්‍රමයෙන් වෙනස් වීමත් සමඟම, පරම්පරාවෙන් පරම්පරාවට ජනකවිද වෙනස් වෙමින් පැමිණියා. පොත් පත් වල ලිවීමේදීත් මේ ජනකවි තව දුරටත් වෙනස් වීම් වලට ලක් වුණා. ඉදිරියටත් මෙම ජනකවි වල වෙනස්කම් සිදුවීමට හැකියාව ඇත. අප අතරෙහි මේ වන විට පවතින්නාවූ ජන කවි මීට අවුරුදු දෙසීයකට පමණ පෙර කිනම් ආකාරයකින් කියවුණාද යන්න අප නොදන්නා කරුණකි. ප්‍රාදේශීය ව්‍යවහාරයන්ට අනුවද එකම ජන කවිය විවිධ වූ ආකාරයෙන් පැහැදිලි කර දෙන්නට පහත වූ උදාහරණ පිටුවහලක් ඔබට පිටුවහලක් වේවී.

 

ඉර පායා ඉර මුදුනට එන්ට එපා...

සඳ පායා සඳ මුදුනට එන්ට එපා...

පෑදි දියට බොර දිය එක් වෙන්ට එපා...

අම්මා නැති අපට බඩගිනි වෙන්ට එපා...

 

මෙහි " එන්ට," " එන්ඩ," " එන්න," ලෙසත් පිළිවෙළින් " යන්ට," " යන්ඩ," " යන්න," යනුවෙනුත් ව්‍යවහාරික භාෂාව වෙනස් වී ඇති බව ඔබට දැකගත හැකි වේ.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

9327 Views

Comments

arrow-up