ගණිත ගැටළු පහසුවෙන් විසඳමු - 03
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
28

ගණිත ගැටළු පහසුවෙන් විසඳමු - 03

ගණිත ගැටළු පහසුවෙන් විසඳමු - 03

ඔන්න පොරොන්දු වුණා වගේම මේ ලිපියෙනුත් අපි අපේ දුවා දරුවන්ට ඒ විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් ගණිත ගැටළු විසදීමේ තවත් පහසු ක්‍රම කිහිපයක්ම අරගෙන ආවා. මෙම ක්‍රම හරිම පහසුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම හදලා බලන්න. හැබැයි ඒ එක්කම මතක තබා ගන්නත් ඕන.

 

> බෙදීමේ ක්‍රම ඉලක්කම් පහසුවෙන්ම බෙදීමට හැකි කෙටි ක්‍රම කිහිපයක්ම ඇත.

 

  •  සංඛ්‍යාවක අවසාන ඉලක්කම 0 වන්නේ නම්, එය 10 න් බෙදේ.

 

  •  ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් බෙදීමට ලබා දී ඇත්නම් එම සංඛ්‍යා දෙක එකතු කර 9 න් බෙදිය හැකි නම්, ඉලක්කම් 2 සංඛ්‍යාවද බෙදිය හැකියි.

 

උදාහරණයක් ලෙස : 9 × 18 = 18 සංඛ්‍යාව එකට එකතු කරන්න 1 + 8 = 9. මෙම 9 9 බෙදිය හැකියි.

 

  •  සංඛ්‍යාවක අවසාන ඉලක්කම් තුනෙහි එකතුව 8 න් බෙදේ නම්, එවැනි සංඛ්‍යා 8 න් බෙදිය හැක. එසේම සංඛ්‍යාවේ අවසානයට 000 ක් ඇත්නම් එයද 8 න් බෙදිය හැක. උදාහරණයක් ලෙස : 8000 ÷ 8

 

  •  සංඛ්‍යාවක ඉලක්කම් 3 ක් ඇත්නම් එම ඉලක්කම් එකතු කළ විට එය 3 න් බෙදේ නම් 6 න්ද එය බෙදේ.

 

  •  0 හෝ 5 න් අවසාන වන සංඛ්‍යාවන් 5 න් බෙදිය හැකියි.

 

  •  අගට 00 ඇති සංඛ්‍යාවක් 4 න් බෙදිය හැකි වීම.

 

  •  0 , 2 , 4 , 6 , 8 න් අවසන් වන සංඛ්‍යා 2 න් බෙදිය හැකියි.

 

> 9 න් ගුණ කිරීම 9 × 3 = ඉහත 9 ගුණ කිරීමට දී ඇති ඉලක්කමෙන් 1 ක් අඩු කරන්න. 3 - 1 = 2 පිළිතුරෙහි පළවෙනි ඉලක්කම 2 වේ. ඉන්පසු නැවත 9 න් අපට පැමිණි ඉහත 2 ඉලක්කම අඩු කළ යුතුයි.

 

  • 9 - 2 = 7 එවිට පිළිතුරෙහි දෙවනි අගය 7 වේ. එසේනම් පිළිතුර අප මෙසේ ලියමු. 9 × 3 = 27

 

අප තවත් එවැනිම ගැටළුවක් විසඳමු

 

9 × 7 7 - 1 = 6 පළමුව 7 න් එකක් අඩු කරගත්විට මුල් ඉලක්කම 6 ලෙස ගැනේ. 9 - 6 = 3 දෙවනුව 9 න් ඉහත පිළිතුර 6 අඩු කළ විට 3 පිළිතුර වේ. එසේනම් 6 මුලටත් 3 අගටත් ලියා පිළිතුර 63 ලෙස ලිවිය හැකියි. 9 × 7 = 63 වේ.

 

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

photo source : Internet

views

1165 Views

Comments

arrow-up