ගණිත ගැටළු පහසුවෙන් විසඳමු - 02
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
19

ගණිත ගැටළු පහසුවෙන් විසඳමු - 02

ගණිත ගැටළු පහසුවෙන් විසඳමු - 02

281 ඉතින් ඔන්න අපි අපේ දුවලා පුතාලට වගේම දෙමාපියන්ටත් ගණිත ක්‍රම කිහිපයක්ම සරලව විසදූ ආකාරය පළමු ලිපියෙන් අපි පෙන්වූවා. ඉතින් මේ ක්‍රම ඔබ හරියට ඉගෙන ගත්තම ඕනෑම ගණිත ගැටළුවක් නිවැරදිව , කෙටි කාලයකදී හා විශ්වාසයෙන් විසදීමට හැකි වෙනවා. නිතර නිතර ගණිත ගැටළු විසදන විට ඔබට ඉබේටම හදන්න මතකෙට එනවා. එනිසා මේ ගණිත ගැටළු අභ්‍යාස පොතක ලියා පුරුදු වෙන්නටත් අමතක කරන්න එපා.

 

> ඕනෑම ඉලක්කමක් 5 න් ගුණ කිරීම

 

ගොඩක් දරුවන්ට සංඛ්‍යාවක් ඉක්මනින් ගුණ කිරීමේදී ගැටළු මතු වේ. මෙය ඉරට්ටේ හා ඔත්තේ සංඛ්‍යාවන් 5 න් ගුණ කිරීමට ක්‍රම 2 ක් යොදා ගනී.

 

  •  ඉරට්ටේ සංඛ්‍යාවන් 5 න් ගුණ කිරීම 5 × 4 = ඉහත 5 ගුණ කිරීමට දී ඇති 4 ඉලක්කමෙහි භාගය ලබා ගන්න. එවිට එහි භාගය 2 ක් වන බව ඔබ දන්නවා. දැන් මේ 2 ඉලක්කමට 0 ක් ලිවීමෙන් 20 ලෙස පිළිතුර ලබා ගත හැක. හරිම පහසුයි. 5 × 4 = 20 යි. අප තවත් එවැනි වූ ගුණාකාරයක් බලමු 5 × 12 = 12 හේ භාගය 6 ක් වේ. 6 0 ක් ලිවීමේදී පිළිතුර 60 වේ. එසේනම් 5 × 12 හි පිළිතුර 60 කි.

 

  •  ඔත්තේ සංඛ්‍යාවන් 5 න් ගුණ කිරීම 5 × 3 = මුලින්ම 5 න් ගුණ කරන්නට දී ඇති 3 ඉලක්කමෙන් 1 ක් අඩු කළ යුතුයි. එවිට පිළිතුර 2 යි. දැන් මේ 2 හි භාගය ගන්න එනම් 1 යි. මෙම 1 ඉලක්කමට 5 ක් ලියූ විට 15 ක් සෑදේ. හරිම සරලයි. 5 × 3 = 15 වේ. තවත් එක් උදාහරණයක් අපි බලමු 5 × 7 = 7 න් එකක් අඩු කර විට 6 ලැබේ. එහි භාගය 3 කි. මෙම ඉලක්කමේ අවසානයට 5 ලියූ විට 35 වේ. එසේ නම් 5 × 7 = 35 ක් බව ඔබ දන්නවා.

 

අපි තවත් මෙවැනිම ලිපියකින් ගණිත ගැටළු කිහිපයක් සරලව විසඳන ආකාරය බලමු.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

676 Views

Comments

arrow-up