ඉන්දියාවේ රෝහලක ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 10 දෙනෙකු මිය යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
09

ඉන්දියාවේ රෝහලක ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 10 දෙනෙකු මිය යයි

ඉන්දියාවේ රෝහලක ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 10 දෙනෙකු මිය යයි

ඉන්දියාවේ රෝහලක ඇති වූ ගින්නකින් අලුත උපන් බිළිඳුන් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

 

 

අද අලුයම සිදුවූ ගිනි ගැනීමෙන් පසු කාර්ය මණ්ඩලය සාමාජිකයින් වාට්ටුවෙන් ඉක්මනින් ඉවත් කිරීමට හැකියාව ලැබුණා.

 

 

බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ භන්දාරා දිස්ත්‍රික් රෝහලට ගිනි නිවන භටයින් පැමිණීමට පෙර ළදරුවන් හත් දෙනෙකු ගින්නෙන් බේරා ගැනුණා.

 

 

ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම සිදුවීම විස්තර කළේ “හද කම්පා කරවන ඛේදවාචකයක්” ලෙසයි.

 

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතිනවා.

 

 

ගින්න ආරම්භ වූයේ අළුයම 02:00 ට පමණ බවයි රෝහල් නිලධාරීන් පවසන්නේ.

 

වාට්ටුව තුළ දිගින් දිගටම පිපිරීම් සිදුවීම හේතුවෙන් ගලවා ගැනීමේ කටයුතුවලට බාධා එල්ල වූ බව මාධ්‍ය වාර්තා කරයි.

 

 

රාජකාරියේ යෙදී සිටි එක් හෙදියක් පැවසුවේ රෝහලේ අලුත උපන් සත්කාර ඒකකයෙන් දුමාරයක් පිටවීම දුටු පසු බලධාරීන් දැනුවත් කළ බවයි.

 

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෝදි මහතා කියා සිටියේ වියෝ දුකින් පෙළෙන පවුල් සමඟ තමා ද කණගාටුවෙන් සිටින බවයි.

views

1611 Views

Comments

arrow-up