LPL2020 පළමු තරඟය : Kandy Tuskers පරදා Colombo Kings ජය හිමිකර ගනී

ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 තරඟාවලිය නොවැම්බර් 26 දින හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.
තරඟය නොවැම්බර් 26 දින සිට දෙසැම්බර් 14 දින දක්වා පැවැත්වෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී යි.
Kandy Tuskers සහ Colombo Kings අතර පැවැත්වෙන පළමු තරඟයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මහනුවර කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරාට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළා.
ඒ අනුව, පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී 219ක් රැස් කළා. පන්දුවට පහර දීමේ දී කුසල් ජනිත් ලකුණු 87ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායම ද පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 219ක් රැස් කරමින් තරඟය ලකුණු සම වී අවසන් උනා.
ඒ අනුව සුපිරි පන්දුවාරයේ දී මහනුවර කණ්ඩායම පරදා කොළඹ කණ්ඩායම ජයගනු ලැබුවා. Super Over - Colombo Kings - 16/1 Kandy Tuskers - 12/0
256 Views
Comments