LPL තරගාවලියේ තවත් තරග දෙකක් අද

ලංකා ප‍්‍රීමියර් ලීීග් කි‍්‍රකට් තරගාවලියේ තවත් තරග දෙකක් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද පැවැත්වෙනවා.
එක් තරගයක් අද පස්වරු 3.30 ට ආරම්භ වන්නේ තිිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් සහ දසුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් කණ්ඩායම් අතරයි.
අනෙක් තරගය කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් සහ ශහීඕ අෆ්රිඩි නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර පැවැත්වෙනවා.
එම තරගය ආරම්භ වන්නේ අද රාතී‍්‍ර 8 ටයි.
මේ අතර දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඕෂධ ප‍්‍රනාන්දුට සතියක කාලයක් විවේක ගැනීමට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බව එම කණ්ඩායම නිවේදනය කළා.
මෙම ආබාධය හේතුවෙන් ලංකා ප‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඉදිරි තරග කිහිපයකට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව ඕෂධ ප‍්‍රනාන්දුට අහිමි වනු ඇති.
මේ අතර කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කරන දකුණු අපි‍්‍රකානු වේග පන්දු යවන කී‍්‍රඩක ෙඬ්ල් ස්ටේයින් ද අද දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.
226 Views
Comments