චීන කොවිඩ් එන්නතේ සාර්ථකත්වය පිළිබඳ ශ්‍රී ලංකාව වාර්තාවක් කැඳවයි

චීනයේ නිෂ්පාදනය කරන කොරෝනා වෛරසයට එරෙහි එන්නතේ සාර්ථකත්වය පිළිබඳ වාර්තාවක් මෙරටට ලබා දෙන ලෙස කොහෙත් මර්දන ජ්‍ය අමාත්‍යාංශය චීන පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ චීන ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා වෙත මේ පිළිබඳව ලිපියක් මගින් යොමුකර ඇති බවයි.
එහි සාර්ථකත්වය මත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබාගැනීමෙන් පසු රාජ්‍ය මට්ටමින් එන්නත ලබා ගැනීම සඳහා හැකියාව පවතින බවට ඒ මහතා විශ්වාසය පළ කළා.
මේ අතර රටවල් රැසක් මේ වන විට එන්නත් නිෂ්පාදනය කරමින් සිටින අතර ඒවායේ සාර්ථක බව පිළිබඳ විශේෂඥයින් කැඳවා විශේෂ සාකච්ඡාවක් පැත්වීමට රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය තීරණය කර තිබෙනවා.
829 Views
Comments