රියැදුරු බලපත්‍රයේ වෛද්‍ය පරීක්ෂණයට දින වෙන් කිරීමට Online ක්‍රමයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
22

රියැදුරු බලපත්‍රයේ වෛද්‍ය පරීක්ෂණයට දින වෙන් කිරීමට Online ක්‍රමයට

රියැදුරු බලපත්‍රයේ වෛද්‍ය පරීක්ෂණයට දින වෙන් කිරීමට Online ක්‍රමයට

 ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ සඳහා Online හරහා දින වෙන්කර ගැනීමේ නව ක්‍රමවේදයක් අද හඳුන්වා දුන්නේය.

 


ඒ, විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.

 


නව ක්‍රමවේදය හරහා ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණීමකින් තොරව, එම පරීක්ෂණ සඳහා දින වෙන් කරගත හැකි බව, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී කේ.එස්.එම්. සමරසේකර මහත්මිය පැවසුවාය.

 


නව ක්‍රමවේදය හරහා දින වෙන්කර ගැනීම ලබන 27 වැනිදා ආරම්භ කරන බව, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සඳහන් කළේය.

 


ඒ අනුව වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.ntmi.lk වෙබ් අඩවියට

 

views

1384 Views

Comments

arrow-up