Systems Change : අඩු ආදායම්ලාභීන්ට ආහාර මිලදී ගැනීමේ ඉලෙක්ට්‍රොනික් කාඩ්පත්

අඩු ආදායම්ලාභී ජනතාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් කඩිනම් සහන රැසක් ලබාදී තිබෙනවා. ඒ අනුව අඩුආදායම් ලාභීන් සදහා අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැකීමේ ආහාර සුරක්ෂා ඉලෙට්‍රොනික කාඩ්පතක් පිරිනැමෙනවා.
අඩු ආදායම්ලාභී ජනතාවට අඩුමිලට අත්‍යවශ්‍ය ආහාර ලබාදීමේ ජාතික වැඩපිලිවෙලක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කළා. ඒ අනුවයි ආහාර මිලදී ගැනීම සදහා මෙම ඉලෙට්‍රොනික කාඩ්පත ලබා දෙන්නේ.
සමෘද්ධි ලාභීන්, ස්ථිර රැකියාවක් නොමැති වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්, රැකියා නොමැති පවුල්වල ආබාධිත පුද්ගලයන්, වැන්දඹු පවුල්, බරපතල රෝගාබාධවලින් පෙලෙන පුද්ගලයන් සිටින පවුල් මීට හිමිකම් කියනවා. සීනි, හාල්, පිටි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සහන මිලට ලබාදීම අපේක්ෂාවයි.
ලංකා සතොස, සමූපකාර වෙළදජාලය සහ ග්‍රාමීය ප්‍රදේශවල තෝරාගත් බලයලත් අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ ලබාගත හැකියි.
කුඩා පරිමාන ව්‍යාපාරිකයන් සහ නිෂ්පාදකයන් නගා සිටුවීමද වැඩපිලිවෙලේ අරමුණක්. දේශීය නිෂ්පාදන අතරමැදියන්ගෙන් තොරව වෙළදපොල වෙත යොමු කිරීමටද ව්‍යපෘතියෙන් පහසුකම් සැළසෙනවා.
වැඩසටහනට සමගාමීව වතු සහ නාගරික ප්‍රදේශවල ගෘහ ඒකක එක්ලක්ෂ පනස්දහසක් සදහා පානීය ජලය ලබාදීමටත් ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනයටත් අපේක්ෂා කෙරෙනවා.
අඩු ආදායම් ලාභීන් සදහා කෘෂිකර්ම ව්‍යාපාර සංවර්ධන සහ නිවාස ව්‍යාපෘති සහ ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීමටද තීරණය කර තිබෙනවා.
1029 Views
Comments