රන්ජන් රක්ෂිත බන්ධනාගාර ගත කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
15

රන්ජන් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

රන්ජන් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන  29 වැනිදා තෙක්  රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත්  වසන්ත කුමාර මහතා  නියෝග කළා.

 

මන්ත්‍රීවරයාගේ  හඩ පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂකවරයාට  යොමු කරන ලෙසද  මහෙස්ත්‍රාත් නියෝග කර සිටියා.

 

ඊයේ සවස  (14)   ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රශ්න කිරීම් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන යනු ලැබුවා.

 

රන්ජන් රාමනායක මහතා වහාම අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  නියම කරමින්  නුගේගොඩ මහෙස්ත්‍රාත්  වසන්ත කුමාර මහතා නිකුත් කළ වරෙන්තුවකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණා.

 

අද ( 15) උදෑසන නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රන්ජන් රාමනායක  මහතා  29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණා.

views

729 Views

Comments

arrow-up