පොදු ප්‍රවාහන සේවා ගැන අවසන් තීරණය හෙට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
07

පොදු ප්‍රවාහන සේවා ගැන අවසන් තීරණය හෙට

පොදු ප්‍රවාහන සේවා ගැන අවසන් තීරණය හෙට

පොදු ප්‍රවාහන සේවා සම්බන්ධව අවසාන තීරණය හෙට(08) ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.හෙට සිට පොදු ප්‍රවාහන සේවා සාමන්‍ය පරිදි පවත්වා ගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය කලින් සැලසුම් කර තිබිණා.

 

එහෙත් පොදු ප්‍රවාහන සේවා සැපයීමේ දී විශේෂයෙන් අන්තර් පළාත් බස් රථ ධාවනයේ දී සෞඛ්‍ය අංශවල උපදෙස් මත පසුගිය සිකුරාදා ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනය අනුව ක්‍රියාත්මක කිරීමට සිදු ව තිබෙනවා. එහි සඳහන් කර තිබෙන්නේ කොළඹ හා ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර ‌පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කළ යුතු බවයි.

 

මේ අතර හෙට දින ජනාධිපතිවරයා විසින් පොදු ප්‍රවාහන සේවා සම්බන්ධව සාකච්ඡා කිරීමට පාර්ශ්ව කිහිපයකට ඇරයුම් කර තිබෙනවා.

 

ඒ අනුව හෙට දින පැවැත්වෙන සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා විසින් ලබා දෙන උපදෙස් අනුව මෙන්ම සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් පරිදි ඉදිරි පොදු ප්‍රවාහන සේවාවන් සැලසුම් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටී.

 

 

පොදු ප්‍රවාහනයේ දී සෞඛ්‍ය අංශ උපදෙස් මත ආසන ගණනට පමණක් මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේ දී දැනට ලංගම හා පුද්ගලික අංශය සතුව තිබෙන බස් රථ ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබේ. ඒ සඳහා විකල්පයක් ලෙස සංචාරක සේවා මෙන්ම දැනට ලියාපදිංචිය සඳහා පොරොත්තු ලේඛනයේ ඇති බස් රථ, මගී ප්‍රවාහනය සඳහා තාවකාලිකව ලියාපදිංචි කිරීමට පියවර ගෙන තිබෙනවා.

 

එහෙත් ඒවා මගී ප්‍රවාහහන සේවාවන් සඳහා පුද්ගලික බස් රථවලට හානියක් නොවන පරිදි අවශ්‍ය වුවහොත් පමණක් යොදා ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

views

665 Views

Comments

arrow-up