සයිබර් ප්‍රහාර වලට එරෙහිව ශ්‍රී ලංකාවෙන් නව බලකායක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
31

සයිබර් ප්‍රහාර වලට එරෙහිව ශ්‍රී ලංකාවෙන් නව බලකායක්

සයිබර් ප්‍රහාර වලට එරෙහිව ශ්‍රී ලංකාවෙන් නව බලකායක්

සයිබර් ප්‍රහාර හදුනාගැනීම සඳහා කාර්ය සධාක බලකායක් හා ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවා ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළා.

 

එම කණ්ඩායම අන්තර්ජාල සේවා සපයන්නන් ඇතුලුව රජය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන අන්තර්ජාල හා සම්බන්ධ පාර්ශවකරුවන්ගෙන් සමන්විතයි. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මූලික අරමුණක්.

 

මෙරට වෙබ්අඩවි දෙකක් සයිබර් ප්‍රහාරකයන් අක්‍රීයකර ඇති බවට තහවුරුවී තිබෙනවා. විවිධ පුද්ගලයන්ගේ අවධානය දිනාගැනීම සහ මතවාද පැතිරවීම ඔවුන්ගේ අරමුණ බවයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පෙන්වාදුන්නේ.

 

ශ්‍රී ලංකාවේ තොරතුරු හා තොරතුරු පද්ධති යටිතල පහසුකම් ආරක්ෂා කිරීම මූලික අරමුණක්. වෙබ්අඩවි වලට එල්ල කළ සයිබර් ප‍්‍රහාර වලින් සිදුව ඇති විකෘති කිරීම් හදුනාගෙන අවස්ථානුකූලව කටයුතු කිරීමට කාර්ය සාධක බලකායට හැකිව තිබෙනවා.

 

වෙබ්අඩවි යථා තත්වයට පත්කිරීමටත් පියවර ගෙන ඇති බවයි සංසදය ප‍්‍රකාශ කළේ.

views

588 Views

Comments

arrow-up