දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 4700ක පොල්ලක්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් සහ දේපළ බදුදීමෙන් ලැබිය යුතු රුපියල් කෝටි හාරදහස් හත්සියයක මුදලක් අයකර ගැනීමට එම දෙපාර්තමේන්තුවද මෙතෙක් අපොහොසත් වී ඇති බව මගී ප්‍රවාහන අමාත්‍යාංශය ගණනය කර තිබෙනවා.
ඉඩම් සහ දේපළ බදුදීම විධිමත් ආකාරයෙන් සිදුනොකිරීම, බදු කාලය ඉවත් වූ පසු පිරිස් ඉවත්ව නොයෑම සහ විධිමත් ඉඩම් සංගණනයක් නොකිරීම නිසා මෙම බදු මුදල අහිමි වී ඇති බව වාර්තා වනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පිළිබඳ නිවැරදි වාර්තාවක් ප්‍රවාහන අමාත්‍යාංශයේ ඉඩම් අංශය තුළද නොමැත.
බහුතර ඉඩම් ප්‍රමාණයක් බලහත්කාරයෙන්ද විවිධ වැඩ කටයුතු සඳහාද අත්පත් කරගෙන තිබෙනවා.
මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය වුණා.
බදු මුදල් අය විය යුතු කාලසීමාව පිළිබඳවද දත්ත අමාත්‍යාංශය හෝ දුම්රිය දෙපාර්තමේන්තුව සතුව නැත.
එම නිසා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පිළිබඳ විධිමත් සංගණනයක් පවත්වන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති අතර බදු මුදල් අයකර ගැනීමද විධිමත් කරන ලෙස අමාත්‍යවරයා මගී ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.
734 Views
Comments