අර්ධ රාජ්‍ය සේවකයන්ට ප්‍රසාද දීමනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
12

අර්ධ රාජ්‍ය සේවකයන්ට ප්‍රසාද දීමනා

අර්ධ රාජ්‍ය සේවකයන්ට  ප්‍රසාද දීමනා

රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ පූර්ණ වශයෙන් රජය සතු රාජ්‍ය සමාගම්වල සේවක මණ්ඩල වලට 2019 වසර සඳහා ප්‍රසාද දීමනා ලබාදීම මහා භාණ්ඩාගාරය විසින් අනුමත කර ඇත.

 


සියලු අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් සහ රජයේ සියලු ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් වෙත මහා භාණ්ඩාගාරය විසින් මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

 

 


ප්‍රසාද දීමනා ගෙවීමට සුදුසුකම් ලබන ආයතන එහි 2018 ගිණුම් වසරේ මූල්‍ය වාර්තා පදනම් කරගෙන පසුගිය වසරේ ලබාදුන් ආකාරයට සියලු කාර්ය මණ්ඩලය වෙත 2019 වසර සඳහා ප්‍රසාද දීමනා ගෙවන ලෙස වැඩිදුරටත්  උපදෙස් දී ඇත.

 


මේ සඳහා 2018 දෙසැම්බර් මස 07 වන දින නිකුත් කරන ලද රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අංක 03/2018 යන චක්‍රලේඛය අදාළ පරිදි වලංගු වේ.
තම ආයතනවලට අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර නොමැති අවස්ථාවක වුවද අදාළ රාජ්‍ය ආයතන වෙතින් ගෙවිය යුතු සියළු ව්‍යවස්ථාපිත ගෙවීම් සිදුකිරීමට යටත්ව 2019 වසරේ ප්‍රසාද දීමනා ගෙවීමට අවසරය හිමිවේ.

 

 

 

views

1225 Views

Comments

arrow-up