සමූහ ආදාහන ගැන ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
30

සමූහ ආදාහන ගැන ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

සමූහ ආදාහන ගැන ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

ඉතාලියේ විවිධ ප්‍රදේශවල සමූහ ආදාහන කටයුතු සිදුකිරීම සහ එහිදී ඉතාලි ජාතිකයන් නිරුවත්ව මෙන්ම කිසිඳු ආගමික පිළිවෙතකින් තොරව අවසන් කටයුතු සිදුකළ බවට ප්‍රචාරය වන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

කොවිඩ් – 19 වෛරසය පැතිරීම හේතුවෙන් ඉතාලියේ දැනට පවතින තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබූ විවිධ ප්‍රවෘත්ති පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය විසින් මෙලෙස නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

 

පොදුවේ සාමාන්‍ය ලෙස ආදාහන කටයුතු සිදුකිරීමට අවසර නැති නමුත් අවසන් හුස්ම හෙළු පුද්ගලයාගේ සමීප ආදරණීයන් සීමිත පිරිසක් ඇතුළුව මියගිය පුද්ගලයාට අයත් ආගමට අනූව මියගිය සියලූ දෙනාගේම අවසන් කටයුතු සිදුකර තිබේන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

 

මියගිය තැනැත්තන්ගේ මෘත දේහයන් (තැන්පත් කළ තනි මිනිපෙට්ටිය හෝ භෂ්මාවශේෂ තැන්පත් කළ බඳුන) තනි තනි වශයෙන් අදාළ පුද්ගලයාට අයත් ආගමානූකූලව සහ නීතිමය රෙගුලාසිවලට අනූව හිමි විය යුතු අවසන් ගෞරවයන් දක්වමින් ඉතාලි සංස්කෘතියේ මුල් බැසගත් අවමංගල්‍ය චාරිත්‍රවලට අනුව නිසි පරිදි අවසන් කටයුතු සිදුකිරීමට සියලූ පහසුකම් රජය විසින් සළසා දී තිබේ.

 

අනවසරයෙන් ඉතාලියේ රැඳීසිට ශ්‍රී ලංකාවට පැමිණි කිසිවෙකුත් ඉතාලිය බලාපිටත් වීම සඳහා අප තානාපති කාර්යාලය වෙතින් නිත්‍යානුකූල වීසා ලබාගෙන නොතිබුණු අතර,මේ වන තුරුත් වීසා ලබාගැනීම සම්බන්ධව කිසිදු ඉල්ලීමක් තානාපති කාර්යාලය වෙත ලැබී නොමැති බවත් එම නිවේදනයේ තවදුරටත් දැක්වෙයි.

 

මෙවන් ව්‍යවසන තත්ත්වයක දී සිය සහයෝගීත්වයේ හස්තය දිගු කරමින් අදහස් දැක්වූ සියලූ ශ්‍රී ලාංකික මිතුරන්ට පෙරළා සිය කෘතවේදීත්වය පළ කරන බවද එම නිවේදනයේ දැක්වෙයි.

views

884 Views

Comments

arrow-up