කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයත් කොරෝනා රෝගීන්ට - නාවික හමුදාවෙන් අළුත්වැඩියා කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
23

කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයත් කොරෝනා රෝගීන්ට - නාවික හමුදාවෙන් අළුත්වැඩියා කරයි

කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයත් කොරෝනා රෝගීන්ට - නාවික හමුදාවෙන් අළුත්වැඩියා කරයි

කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද (2020 මාර්තු 23) කටයුතු කළා.

 

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට රට තුළ ඇති වී තිබෙන තත්වය තුළ වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් කොළඹ ජාතික රෝහල වෙතින්ද ලබා දීමේ අරමුණින්, අද (2020 මාර්තු 23) එම රෝහලෙහි වෛද්‍ය දැඩි සත්කාර ඒකකය අළුත් වැඩියා කිරීම නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ආරම්භ විය.

 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත බටහිර නාවික විධානයට අනුයුක්ත සිවිල් ඉංජිනේරු නාවික පුද්ගලයින් පිරිසක් මෙම කර්තව්‍ය සඳහා අනුයුක්ත කරන ලද අතර, මෙහිදී එම රෝහලෙහි වෛද්‍ය දැඩිසත්කාර ඒකකය කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා අවශ්‍ය වන පරිදි කොටසක් වෙන් කිරීමට මෙහිදී කටයුතු කරමින් පවතී..

 

 

 

views

661 Views

Comments

arrow-up