බිත්තර මිලත් අඩු කරයි

අද (23) සිට බිත්තරයක මිල රුපියල් 10 දක්වා අඩු කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කළා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුවයි.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ප්‍රමුඛ නියෝජිතයන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී අද (23) මුණ ගැසුණා.
වත්මන් තත්ත්වය සළකා බලා බිත්තර මිල අඩු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී ඔවුන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව බිත්තර මිල රුපියල් දහය දක්වා අඩු කිරීමට සංගමය එකගතාව පළ කළා.
වැඩි මිලට බිත්තර විකුණන්නේනම් 0372293300 යන අංකයට දැනුම් දෙන ලෙස සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
නිරෝධායන මධ්‍යස්ථානවල ආහාර සැකසීමේ කටයුතු සදහා එම සංගමය බිත්තර පනස් දහසක් පරිත්‍යාග කළා.
යුද හමුදා සැපයුම් අංශයට එම බිත්තර භාරදීම සිදු කෙරුණේද අරලියගහ මන්දිරයේදීයි. මේ වන විටත් බිත්තර ලොරි 450 ක් දිවයින පුරා බෙදා හැරීමේ කටයුතුවලට යොදවා ඇති බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ.
785 Views
Comments