රටේ සම්පත් පිටරැටියන්ට විකුණන්නේ නැහැ අගමැතිගෙන් සහතිකයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
28

රටේ සම්පත් පිටරැටියන්ට විකුණන්නේ නැහැ අගමැතිගෙන් සහතිකයක්

රටේ සම්පත් පිටරැටියන්ට විකුණන්නේ නැහැ අගමැතිගෙන් සහතිකයක්

ප්‍රතිපත්තියක් වශයෙන් වත්මන් රජය රටේ කිසිඳු සම්පතක් පිටරැටියන්ට විකුණන්නේ නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 


අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ (2020.01.28) ශ්‍රී ලංකා රේගු මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවැති ජාත්‍යන්තර රේගු දිනය සැමරුම් උත්සවයට එක් වෙමිනි.

 


රේගු විමසුම් මධ්‍යස්ථානය ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරිනි.

 


 ජාත්‍යන්තර රේගු දිනය යෙදී තියෙන්නේ ජනවාරි 26 වැනිදාටයි. ලෝක රේගු සංවිධානය ආරම්භ වෙන්නේ 1952 ජනවාරි 26 වැනිදායි. නමුත් ලංකාවේ රේගු සේවය වසර 210ක් පමණ පැරණියි. ලංකාවේ රේගු සේවය ආරම්භ වෙලා තියෙන්නේ 1806 දියි. ඒකෙන්ම පේනවා මේ දෙපාර්තමේන්තුව ඉතා පාරණි, රටට සේවයක් කරපු දෙපාර්තමේන්තුවක් බව.

 

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය මුදල් ඇමැතිවරයා විදියට මම ශ්‍රී ලංකා රේගුවට පැමිණෙන්නේ හතර වැනි වතාවටයි. ජාත්‍යන්තර රේගු දිනය යෙදී තියෙන්නේ ජනවාරි 26 වැනිදාටයි. ලෝක රේගු සංවිධානය ආරම්භ වෙන්නේ 1952 ජනවාරි 26 වැනිදායි. නමුත් ලංකාවේ රේගු සේවය වසර 210ක් පමණ පැරණියි. ලංකාවේ රේගු සේවය ආරම්භ වෙලා තියෙන්නේ 1806 දියි. ඒකෙන්ම පේනවා මේ දෙපාර්තමේන්තුව ඉතා පාරණි, රටට සේවයක් කරපු දෙපාර්තමේන්තුවක් බව.

 

 

අපිට තියෙන්නේ ඊටත් එහා ගිය ඉතිහාසයක්.  රජවරු සිටිය යුගයේත් නැව් ලංකාවට ඇවිත් තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම කිසියම් බද්දක් අය කිරීම සිදුවෙලා තියෙනවා. විශාල ඉතිහාසයක් අපේ රේගු දෙපාර්තමේන්තුව සතුයි කියන්නේ ඒ නිසයි.

 


ඔබ අපේ අමාත්‍යංශයට එන කිසිම අවස්ථාවක පසුගිය කාලේ වූ සිදුවීම් වෙන්නේ නැති බව විශ්වාසයෙන් කිව යුතුයි. අපි ඔබ කෙරේ දැඩි විශ්වාසයක් තියලා තියෙනවා. ඒ දැඩි විශ්වාසය රකිමින් වඩාත් කාර්යක්ෂම සේවයක් කිරීම ඔබේ යුතුකමක් සහ වගකීමක්. අපි දන්නවා නොයෙකුත් අනවසර දෑ රටට ඇතුල්වන අවස්ථා තිබෙනවා.

 

 

මේවා නතර කරන්න ඔබ කටයුතු කලොත් රටේ ආදායම වැඩි වෙනවා. මේ ආදායමෙන් තමයි රටේ සංවර්ධනය සිද්ධ වෙන්නේ. රේගුව රටේ ආදායමෙන් 56%ක් උපයා දෙනවා. ඒ මුදල භාවිතා වෙන්නේ රටේ සංවර්ධනය සදහායි.අපි රට විකුණන ආකල්පයකට ඇවිත් නැහැ. නමුත්, අපි රටට බිහිකළ සම්පත් විකුණන්න පසුගිය රජයන් කටයුතු කළා.

 

 

මේ රටේ ජනතාවට අයිති, ජනතාවගේ මුදලින් කළ දේවල් පිටරැටියන්ට විකිණීම ඔවුන්ට පහසු දෙයක් වුනා. නමුත් අපි, රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් රටේ කිසිම සම්පතක් පිටරැටියන්ට විකුණන්න සූදානම් නැති බව පැහැදිලිව කියනවා. අපි ඔබ කෙරේ විශ්වාසය තිබා තියනවා. මේ විදියට ජාත්‍යන්තර රේගු දිනය සමරන්න කටයුතු කිරීම ගැන ස්තූති කරනවා.

 

views

686 Views

Comments

arrow-up