තෙල් සංස්ථාවට බිලියන 154ක පොල්ලක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
22

තෙල් සංස්ථාවට බිලියන 154ක පොල්ලක්

තෙල් සංස්ථාවට බිලියන 154ක පොල්ලක්


රාජ්‍ය ආයතන කිහිපයකින් රුපියල් බිලියන 154 කට වැඩි ණය මුදල් අයවීමට ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බොහෝ රාජ්‍ය ආයතන වෙත ඉන්ධන සපයන්නේ ණය පදනමිනුයි. එහෙත් අදාළ ගෙවීම් නියමිත වේලාවේදී නොගෙවීම හේතුවෙන් මෙම ණය හිඟ වී තිබෙනවා.

 


ලංකා විදුලිබල මණ්ඩලයෙන් පමණක් අයවිය යුතු ණය මුදල රුපියල් බිලියන 86 කට වැඩියි. ඊට අමතරව විදුලිබල ක්‍ෂේත්‍රයේ සෙසු ආයතනවලින් තවත් රුපියල් බිලියන 15 ක් පමණ අයවීමට ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවා. 

 


ශ්‍රී ලන්කන් ආයතනයෙන් රුපියල් බිලියන 48 කට වැඩි ණය මුදලක් අයවිය යුතුයි. ආරක්‍ෂක අංශවලින්ද රුපියල් බිලියන 1 යි දශම 7 කට ආසන්න ණය මුදලක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයවිය යුතුව තිබෙනවා.

 

 
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන්ද ණය මුදල් අයවිය යුතුව තිබෙන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. 

 

views

729 Views

Comments

arrow-up