තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ පවතින නායකත්වයේ යටතේ දේශපාලනය කිරීමට සූදානම් නැහැ - නලින් බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.
අද(19) පැවති මාධ්‍ය හමුනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
නලීන් බණ්ඩාර මහතා මෙහිදී කියා සිටියේ තමා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ පවතින නායකත්වයේ සහ නිලධාරී මණ්ඩලය යටතේ දේශපාලනය කිරීමට සූදානම් නොමැති බවයි.
මේ හේතුවන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඇතුළු සියලුම නිලධාරී මණ්ඩලය වහාම ඉවත් විය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
897 Views
Comments