අපේක්ෂකයන් ගුවන් හමුදා යානා භාවිතා කරන්නේ නිර්දේශවලට අනුවදැයි සොයන්නැයි ඉල්ලීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

අපේක්ෂකයන් ගුවන් හමුදා යානා භාවිතා කරන්නේ නිර්දේශවලට අනුවදැයි සොයන්නැයි ඉල්ලීමක්

අපේක්ෂකයන් ගුවන් හමුදා යානා භාවිතා කරන්නේ නිර්දේශවලට අනුවදැයි සොයන්නැයි ඉල්ලීමක්

ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා මැතිවරණ ප්‍රචාරණ රැස්වීම්වලට ප්‍රවාහන පහසුකම් සඳහා යොදාගැනීමේදී මැතිවරණ කොමිසමේ නියෝග ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේදැයි සොයැ බලන්නැයි ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

 

ගුවන් හමුදාවට අයත් යානා මැතිවරණ ප්‍රචාරණයට යොදාගැනීමේදී මැතිවරණ කොමිෂන් සභාව 2141/52 ගැසට් නිවේදනය යටතේ නිකුත් කරන ලද නියෝග උල්ලංගණය වන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයිද ඒ අනුව මෙම ඉල්ලීම කළේ යැයි ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 

මැතිවරණ කොමිසමේ ගැසට් නිවේදනයට අනුව සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්, මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදවාගන්නා ගුවන් යානා, හෙලිකොප්ටර් හෝ වෙනත් කිසිදු වාහනයක් භාවිත කිරීම පිණිස මහජන මුදල් යොදවා නොගන්නා බවට සහතික විය යුතු යැයි ද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා පවසයි.

 

හෙලිකොප්ටර් ඇතුළු රාජ්‍ය දේපළ පරිහරණය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් නියෝග නිකුත් කර ඇති නමුත් මෙම නීති රීති ඒ අයුරින්ම අනුගමනය කරන බවට සහතික වීම පිණිස ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු රාජ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය අත්‍යවශ්‍ය යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

 

එමෙන්ම රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ක්‍රියාවන් හෝ අතපසුවීම් හේතුවෙන් ඇතිවිය හැකි නීතිමය ප්‍රතිවිපාක පිළිබඳ හොඳින් දැනුවත්ව සිටිය යුතු යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

views

831 Views

Comments

arrow-up