රාජසන්තක ‘කහ’ ළඟදීම වෙළෙඳපොළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
29

රාජසන්තක ‘කහ’ ළඟදීම වෙළෙඳපොළට

රාජසන්තක ‘කහ’ ළඟදීම වෙළෙඳපොළට

නීතිවිරෝධීව ආනයනය කරන ලද කහ රාජසන්තක කර සතොස සහ සමුපකාර සමිති මගින් ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

නීතිවිරෝධිව ආනයනය කරන ලද කහ කිලෝග්‍රෑම් දසලක්ෂ හැටඅටදහස් තුන්සිය දාහතරක් (1,068,314) තිබෙන බවත්, දෙසැම්බර් මාසය දක්වා රටේ කහ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට මෙම කහ තොගය භාවිත කළ හැකි බවත් එම අමාත්‍යාංශය කියයි.

මෙරට වාර්ෂික කහ පරිභෝජනය මෙට්‍රික් ටොන් 7500ක් වුවද, මෙරට නිෂ්පාදනය කෙරෙන්නේ මෙට්‍රික් ටොන් 1200ක් පමණි.

මෙරට වගා කරන ලද කහ අස්වනු ජනවාරි මාසයේදී ලැබීමට නියමිත බවත්, ජනවාරි මාසයෙන් පසු රට තුළ කහ අර්බුදයක් උද්ගත නොවනු ඇතැයිද රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පැවසීය.

ජනවාරි මාසයේ සිට ලැබෙන කහ අස්වනු සතොස සහ සමුපකාර සමිති හරහා ක්‍රමානුකූලව වෙළෙඳපොළට නිකුත් කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බවද ඔහු සඳහන් කළේය.

කහ බීජ ලබාගැනීම සඳහා යුද හමුදාව සමග එකතු වී කහ පැළ ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිත බවත්, යටි වගාවක් ලෙස කහ වගා කිරීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ කජු වගා කරන ලද ඉඩම් ගොවීන්ට ලබාදීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා පැවැසුවේය.

 

views

821 Views

Comments

arrow-up