20 සම්මත කර ගන්න ජනමත විචාරණයකට යන්න රජය සුදානම්

20 වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට රජය අපේක්ෂා කරන්නේ යැයි අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.
කිසිදු අවස්ථාවක නීතියට පිටින් කටයුතු කිරීමට රජය අදහස් නොකරන බවත් රජය අධිකරණයට මෙන්ම පාර්ලිමේන්තුවට ද සාවධාන වන්නේ යැයි කියා සිටියා.
20 වැනි සංශෝධනයෙන් සිදුවන්නේ නැවතත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෑම යැයි ද වේගවත් ආර්ථික සංවර්ධනයක් රටට අත්පත් කරගැනීම එහි මූලික අරමුණක් යැයි ද අධිකරණ ඇමැති අලි සබ්රි වැඩිදුරටත් සඳහන් කර සිටියා.
863 Views
Comments