පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක්

පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක්

පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව පෑලියගොඩ, වත්තල, මාබෝල, ජාඇල, කටුනායක, සීදුව, නගර සභා බල ප්‍රදේශවලට හා කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පෙ, ගනේමුල්ල, රතුපස්වල ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.සපුගස්කන්ද විදුලි උප පොලෙහි හදිසි විදුලි අළුත්වැඩියාවක් ඊට හේතුවී තිබෙනවා.

 

මේ අතර කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 8 සිට පස්වරු 7.30 දක්වා පැය 19 හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලවහන මණ්ඩලය පවසනවා.

 

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර හා දකුණ, කටකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගා නගරය හා බෙන්තොට යන ප්‍රදේශවල අදාල කාලය තුල ජල සැපයුම අත්හිටවනු ඇති.

 

විදුලි බල මණ්ඩලයේ අත්‍යව්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රගාරයේ විදුලි බල සැපයුම අත්හිටුවීම ඊට හේතුවී තිබෙනවා.

views

603 Views

Comments

arrow-up