අර්ධ සුඛෝපභෝගී බස් අහෝසි කිරීමට කටයුතු
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
09

අර්ධ සුඛෝපභෝගී බස් අහෝසි කිරීමට කටයුතු

අර්ධ සුඛෝපභෝගී බස් අහෝසි කිරීමට කටයුතු

මගී ජනතාවට කිසිදු පහසුකමක් ලබා නොදෙමින් සහ මගී ජනතාවගේ මුදල් ගසාකමින් වසර ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක කර තිබෙන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීම කෙරෙහි ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

 

 


මගී ප්‍රවාහන කළමණාකරණ සේවා විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිළධාරීන් සමග මෙම කාරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර අර්ධ සුඛෝපභෝගී බස්රථවල මහජනතාවට ඇති එකම පහසුව බස්රථ ජනෙල්වලට රෙදි කැබලි එල්ලා තැබීම පමණක් බවද මෙම සාකච්ඡාවේදී අවධාරණය කරනු ලැබීය.

 

 


අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව සම්බන්ධව ජාතික ගමනාගමන කොමිෂම බස් මගීන් 10000ක් යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකදී එම සියළුම මගීන් 100%ක්ම ප්‍රකාශ කර ඇත්තේ අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අහෝසි කළ යුතු බවත් එම සේවාව මගින් කිසිදු පහසුකමක් මහජනතාවට නොලැබෙන අතරම සාමාන්‍ය බස්රථවලට වඩා වැඩියෙන් මුදල් ගෙවීමට තමන්ට සිදුවන වත්ය.

 

 


මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අර්ධ සුඛෝපභෝගී  (SEMY LUXARY) බස්රථ සේවාව අහෝසි කිරීමට තමන් කටයුතු කරන බව කී අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා බස්රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කරමින් මහජනතාවට හිංසාවන පරිදි ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරුන් කටයුතු කිරීම පාලනය සඳහාද වැඩපිළිවෙළක් සකස් කිරීමට ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය. 

 

 


ඒ අනුව සුභාවිත ගීත අඩංගු සී.ඩී. තැටි සෑම පුද්ගලික සහ ලංගම බස්රථයකටම ඉදිරි කාලයේ ලබාදීමටද උපදෙස් දුන්නේය.
කෙසේ වුවද SEMY LUXARY නැමැති මහජනතාව රවටා මුදල් ගසාකන බස් රථ සේවාව කෙටි කාලයක් තුළ අනිවාර්යෙන්ම අහෝසි කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
 

 

views

681 Views

Comments

arrow-up