දෙවැනි පෙළ නායකත්වය ඉදිරියට ගෙන මේ මැතිවරණයට යා යුතුයි - රනිල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
09

දෙවැනි පෙළ නායකත්වය ඉදිරියට ගෙන මේ මැතිවරණයට යා යුතුයි - රනිල්

දෙවැනි පෙළ නායකත්වය ඉදිරියට ගෙන මේ මැතිවරණයට යා යුතුයි - රනිල්

සමීක්ෂණවලට අනුව පැහැදිලි වන්නේ ජනාධිපතිවරණයේ පරාජයට හේතුව බෞද්ධ , තරුණ හා මධ්‍යම පාන්තික ඡන්ද එක්සත් ජාතික පෙරමුණට අහිමි විම බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

 


එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණ සමඟ අද(09) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදි වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

 

 


මෙහිදී අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, ජනාධිපතිවරණයේ පසුබෑමකට ලක් වු බැවින් අඩපණ විය යුතු නැති බවයි.
ඊළඟ පාර්ලිමේන්තුවේ දී තම පෙරමුණ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන අනෙකුත් පක්ෂ සියල්ල මන්ත්‍රීධූර 113 ක් වත් ඉලක්ක කර ගනිමින් වැඩ කළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 

 


මේ වන විට තිබෙන ඡන්ද ප්‍රතිඵල අනුව සියලු දෙනාටම මන්ත්‍රීධූර 105 ක් හෝ 06 ක් ලබා ගත හැකි බවත් පැවසු ඒ මහතා, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලත් විග්‍රහ කළ යුතු බවත් කියා සිටියේය.

 

 


සමීක්ෂණ කීපයක එක්සත් ජාතික පක්ෂය පසුපසින් සිටි බව පෙන්වා දී තිබුණ අතර ඒවා විග්‍රහ කර බැලිය යුතු බවත් පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, බෞද්ධ මතය, මධ්‍යම පන්තිය හා තරුණ යන අංශ බැලිය යුතු බවත් පැවසීය.

 

 


පළමුවෙන්ම භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡා කර වැඩසටහන් සකස් කළ යුතුව ඇති බවත් පැවසු ඒ මහතා, අනෙක් අයගේ යුතුකම වන්නේ තරුණ ඡන්ද බහුතරයක් ලබා ගැනීමට ක්‍රියා කිරීම බවද සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට බාර දි ඇතැයි පැවසු වික්‍රමසිංහ මහතා, පක්ෂය තුළ තරුණ සංවිධානවලින් නොයෙක් යෝජනා ඉදිරිපත් කර ඇතැයි ද කියා සිටියේය.

 

 


පක්ෂයේ සිටින දෙවැනි පෙළ නායකත්වය ඉදිරියට ගෙන මේ මැතිවරණයට යා යුතු බවත් පවතින අඩුපාඩුකම් දැන ගෙන යා යුතු බවත් පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, මේ මොහොතේ එක් එක් අය සමඟ වාද කර වැඩක් නොමැති බවත් පැවසීය.

 

views

727 Views

Comments

arrow-up