කවුද මේ අබු බකර් අල්-බග්දාදි ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

කවුද මේ අබු බකර් අල්-බග්දාදි ?

කවුද මේ අබු බකර් අල්-බග්දාදි ?

බග්දාදීගේ සත්‍ය නම ඊබ්‍රහිම් අව්වාඩ් ඊබ්‍රහිම් අල්-බද්රි ලෙස සැලකෙයි. ඔහු ලොව අත්‍යවශ්‍යම පුද්ගලයා ලෙසද හැඳින්වුණා.

 

ඔහු 1971 දී උතුරු ඉරාකයේ සමාරා ප්‍රදේශයේ උපත ලබා ඇත. 2003 දී ඇමෙරිකානු හමුදා විසින් එම ප්‍රදේශය ආක්‍රමණය කරනු ලැබූ අවස්ථාව වනවිට එහි පිහිටි මුස්ලිම් දේවස්ථානයක පූජකවරයෙක් ලෙස බග්දාදී කටයුතු කරමින් සිට ඇති බවට වාර්තා වෙයි.

 

නමුත් ඇතැම් දෙනා විශ්වාස කරන්නේ සදාම් හුසේන්ගේ පාලන සමයේ දී පවා බග්දාදී, ජිහාඩ් සටන් කණ්ඩායමක සාමාජිකයෙකුව සිටි බවය.

 

 

ඉරාකයේ දකුණු ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඇමෙරිකානු සිර කඳවුරක අල්කයිඩා සාමාජිකයන් සමග වසර හතරක් සිරගත වී සිටිය දී ඔහු අන්තවාදියෙකු බවට පත්වී ඇති බවට ද විශ්වාසයක් පවතී.

 

මොහු ඉරාකයේ අල්කයිඩා නායකයා වශයෙන් ඉදිරියට පැමිණි අතර 2010 දී ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය බිහිවෙද්දී තම කණ්ඩායමද සමග ඊට එක්විය.

 

2011 ඔක්තෝම්බර් වනවිට බග්දාදී ත්‍රස්තවාදියෙකු බව එක්සත් ජනපදය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

 

 

ඔහු අවසන් වරට කරළියට පැමිණියේ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවය. වසර 5ක පමණ කාලයක් නිහඬ හා සැඟවුණු ජීවිතයක් ගත කළ අල්-බග්දාදි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් එම ප්‍රහාරය තම අනුගාමිකයන් විසින් සිදුකළ ප්‍රහාරයක් බව කියා සිටියා.

 

IS ඉස්ලාම් රාජ්‍යයේ අතුරිකිලි දකුණු ආසියානු කලාපය පුරාද පැතිර යෑම එහිදී වඩාත් කැපී පෙනෙන අවස්ථාවක් වූ අතර, පාස්කු ප්‍රහාරයෙන් පුද්ගලයන් 300කට ආසන්න පිරිසකට දිවි අහිමි වී තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා.

views

769 Views

Comments

arrow-up