නැවතත් කොරෝනා පැතිරයාමේ අවදානමක් - ජනපති දැනුම්දෙයි

ලෝකයේ සියලූම රටවල් කොවිඞ්-19 උවදුරෙන් දරුණු ලෙස පීඩා විඳිද්දී සාමුහික ක‍්‍රියාවලියක උත්සාහය මත ශී‍්‍ර ලංකාව සාධණීය ජයග‍්‍රහණයක් ලබා ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා.
එහෙත් කොවිඞ්-19 වෛරසය තවමත් ලෝකයෙන් තුරන් වී නොමැති බැවින් නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් නැවතත් රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බවයි ජනාධිපතිවරයා පවසන්නේ. එබැවින් සෞඛ්‍ය අංශ සහ රජයේ උපදෙස් මත තවදුරටත් ආරක්ෂාකාරි පියවර අනුගමනය කරන ලෙස ජනාධිපතිවරයා ශ‍්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ 71 වන උපන් දිනය වෙනුවෙන් සියළු වැඩසටහන් සංවිධාන කිරීම සදහා ආණ්ඩුවේ කිසිදු මුදලක් ලබාගෙන නොමැති බව වාර්තා වනවා. ඒ සදහා ජනාධිපතිවරයා සිය පෞද්ගලික මුදල් ලබාදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
ඉකුත් 20 වනදා පැවති මෙම වැඩසටහන් ආරම්භ වූයේ අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස පැවති කිරි ආහාර පූජාවකින්. අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙනුවෙන් කප්රුක් පූජාවක්ද පැවැත්වුණා. මහා සංඝ රත්නය උදෙසා මිරිසවැටිය රජමහා විහාරස්ථානයේදී දානමය පුණ්‍යකර්මයක් සංවිධාන කර තිබුණේද ජනාධිපතිවරයාගේ උපන්දිනය නිමිත්තෙන්.
941 Views
Comments