සුව විරුවන්ගේ ගැටළු විසදීමට රජය මැදිහත් නොවුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් – GMOA

සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩවලට ලැබිය යුතු ඇතැම් දීමනා මෙතෙක් ඔවුන්ට ලබා දී නැතිබවත්, ඊට එරෙහිව විරෝධය පළ කිරීමට කටයුතු කර ඇති බවත්, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.
වෛද්‍යවරුන්ගේ මාසික පඩි පතටම එකතු කර ලබා දෙන, අතිරේක වැඩ සදහා දීමනාව, මෙතෙක් ලබා දී නැති බවත්, ඊට විරෝධය පළ කිරීමක් ලෙසත් කළු පටියක් පැළදීමට තීරණය කර ඇති බවත්, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ‘The Morning’ පුවත්පතට පවසා තිබේ
සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල මුහුණ දී සිටින මේ ආකාරයේ ගැටළු විසදීමට රජය තවදුරටත් උනන්දුවක් නොදක්වන්නේනම්, මින් එහා ගිය වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තම සංගමය එළැඹෙන 20 වන දා රැස්වන බවත්, වෛද්‍ය නවීන්ද සොයිසා පවසයි.
මේ අතර බස්නාහිර පළාතේ සෞඛ්‍යකාර්යය මණ්ඩලයට අදාළ වැටුප් දීමනා මස 3ක් නිසියාකාරව නොගෙවීම සම්බන්ධයෙන් විරෝධතාවය දැක්වීමට ඊයේ දින සුවවිරැවන් කලු පටි බැඳ සේවයට වාර්තා කර තිබූ බව වාර්තා වේ.
782 Views
Comments