ලයිට් බිල් ගෙවන්න ඕන නෑ කිව්වෙ නෑ – මහින්දානන්ද දැන් කියන කතාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
13

ලයිට් බිල් ගෙවන්න ඕන නෑ කිව්වෙ නෑ – මහින්දානන්ද දැන් කියන කතාව

ලයිට් බිල් ගෙවන්න ඕන නෑ කිව්වෙ නෑ – මහින්දානන්ද දැන් කියන කතාව

මාර්තු සහ අප්‍රේල් මාසවල විදුලි බිල්පත් අය කිරීම අත්හිටුවා ඇති බවට තමන් ප්‍රකාශ නොකළ බව හිටපු විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. තමන්ගේ ප්‍රකාශය විකෘති කරමින් එජාපය සහ ජවිපෙ ජනතාවට අසත්‍ය තොරතුරු ලබාදෙමින් සිටින බව ද අලුත්ගමගේ මහතා පවසනවා.

 

අදාල රූපවාහිනී සාකච්ඡාවේදී තමන් ප්‍රකාශ කළේ මාර්තු සහ අප්‍රේල් යන මාසවල භාවිතා කළ විදුලි ඒකක සඳහා එකවර බිල් සැකසීම හේතුවෙන් නිවාස එ්කකවල විදුලි බිල් සැලකිය යුතු අන්දමකින් ඉහළ ගොස් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සහනයක් ලබාදීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බවයි.

 

ඒ අනුව අදාල මාස දෙ‍ෙක් බිල් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදෙන බව එහිදී තමා අවධාරණය කළ බවද අද මහනුවරදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පවසා තිබෙනවා.

 

කෙසේ වෙතත් අදාල රූපවාහිනී සාකච්ඡාවේදී අලුත්ගමගේ මහතා පැහැදිලිවම සඳහන් කරන්නේ මාර්තු – අප්‍රේල් මාසවල විදුලි බිල් අය නොකරන බවයි. තමා මෙම ප්‍රකාශය සිදු කරන්නේ හිටපු රාජ්‍ය ඇමතිවරයා ලෙස බව ද ඔහු එහිදී පවසනවා.

 

views

755 Views

Comments

arrow-up