හම්බන්තොටින් නාමල් සහ චමල් පරදා පොහොට්ටුවේන් එක වෙන්න හදන ඇමති

මෙවර මහ මැතිවරනයේදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ තම පාක්ශිකයින් තමාව මනාප ලැයිස්තුවේ අංක එකට ඔසවා තබනු ඇති බවට දැඩි ව්ශ්වාසයක් පවතින බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට අතහැර කොළඹ දිස්ත්‍රික්කයට යෑම නිසා කලකිරුනු බොහො එජාප පාක්ශිකයින්ද තමා වට එක්වෙමින් සිට්න නිසා මෙවර මහාමැතිවරනයේදි ව්ශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනිමට නියත වශයෙන්ම හැකිවනු ඇති බව හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.
එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ නායකත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් තමා කැප වන බව ඇමතිවරයා සඳහන් කළා.
ඇමතිවරයා මේ බව අද(6)තිස්ස ආසනයේ මැතිවරණ කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් සඳහන් කළා.
මෙවර පොදුජන පෙරමුණ නියෝජනය කරමින් චමල් රාජපක්ෂ,නාමල් රාජපක්ෂ සහ ඩීවී චානක යන හිටපු මන්ත්‍රීවරු ද අතරග කරනවා.
1583 Views
Comments