වැලි වලටත් පාලන මිලක්...
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
07

වැලි වලටත් පාලන මිලක්...

වැලි වලටත් පාලන මිලක්...

මෙරට එක් එක් දිස්ත්‍රික්කයන්ට අදාළව නිශ්චිත වැලි මිලක් මේ වනවිට සකස් කරමින් පවතින බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.

 

වැලි මිල සම්බන්ධයෙන් උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිිමින් මෙම තීරණය ගෙන ඇති අතර, ඉදිරි සති දෙක තුළදී එම නිශ්චිත මිල ගණන් හඳුන්වාදීමට කටයුතු කරන බවයි එහි සභාපති අනුර වල්පොල කියා සිටින්නේ.

 

වැලි කැනීම් බලපත්‍ර හිමියන් විසින් වැලි ලොරි වෙත ප්‍රවාහන අවසර බලපත්‍රය ලබාදීමේදී කාර්යාංශය අය කරන මුදලට වඩා වැඩි මුදලක් අය කර ගන්නා බව වාර්තා වනවා.

 

 

රුපියල් 106යි ශත 20ක මුදලක් එලෙස කාර්යාංශය ප්‍රවාහන බලපත්‍රය සඳහා අය කළත්, කැණීම් බලපත්‍ර හිමියන් විසින් වැලි ලොරි වෙත එය ලබාදීමේදී රුපියල් 6000ක පමණ අධික මුදලක් වංචනික ලෙස අය කර ගන්නා බවට ද අනාවරණ වී ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරන්නේ.

 

කැණීම් බලපත්‍ර හිමියන් විසින් මේ ආකාරයට අයථා මුදල් අය කර ගැනීමේ සිද්ධීන් පිළිබඳව අඛන්ඩව තොරතුරු කාර්යාංශයට ලැබෙමින් පවතින අතර ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල වැඩිදුරටත් සඳහන් කරන්නේ.

views

790 Views

Comments

arrow-up