ලොව හොඳම දූපත් අතරින් පළමු තැන ශ්‍රී ලංකාව

'Travel and Leisure' වෙබ් අඩවිය විසින් කරන ලද සමීක්ෂණයකදී, ශ්‍රී ලංකාව 2019 දී සංචාරය කළ ලොව හොඳම දූපත බවට පත්ව තිබෙනවා.
'ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර්' පුවත්පතට අනුව ශ්‍රී ලංකාව ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වූ අතර 92.12 ක් වන ඉහළ ලකුණු ලබා ගනිමින් එකවරම පළමු ස්ථානයට පැමිණ තිබීම විශේෂත්වයක්.
එක් නවකයෙක් ලැයිස්තුවේ කෙළින්ම අංක 1 ස්ථානයට පැමිණ ඇති බව වෙබ් අඩවිය සඳහන් කරනවා.
දළ වශයෙන් වර්ග සැතපුම් 25,000ක් පමණ වන දිවයින විවිධ අත්දැකීම් සහිත සංචාරකයින් පොළඹවන රටක් බව ශ්‍රී ලංකාව පිළිබඳ සිය විස්තරයේ සඳහන් කර තිබෙනවා.
“මෙම ගමනාන්තයේ මුහුදු වෙරළ දිගේ සමුද්‍රීය ජාතික උද්‍යානවල රළ පහරවල්, ස්නෝකර් කරුවන් සහ කිමිදුම්කරුවන්ගේ සිහිනයක් සැබෑ කරන්නක් බවට පත් කරයි. අලි ඇතුන්, වඳුරන් ඇතුළු ලොව විශාලතම දිවියන්ගෙන් පිරුණු වනජීවී උද්‍යාන මෙන්ම දේශීය තේ වගාවන් ඔබ වෙනුවෙන් ගවේෂණය සඳහා බලා සිටී. එය ඉන්දියානු සාගරයේ මුතු ඇටය ලෙස හැඳින්වීම පුදුමයක් නොවේ." යැයි එක් සංචාරකයෙකු සටහනකින් කියැවිණ.
පිලිපීනයේ පලවාන් දූපත දෙවන ස්ථානයට පත්ව ඇති අතර බාලි, මිලෝස්, මාලදිවයින, ඇන්ගුයිලා, ක්‍රීට්, කේප් බ්‍රිටන් දූපත, කොහ් ලන්ටා සහ අසෝරෙස් පිළිවෙළින් ස්ථානවලට පත්ව ඇත.
සෑම වසරකම ලොව හොඳම සම්මාන සමීක්ෂණය සඳහා, 'ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර්' පාඨකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ලොව පුරා සංචාරක අත්දැකීම් කිරා මැන බැලීමට, නගර, දූපත්, කෘස් නැව්, ගුවන් සමාගම් සහ තවත් බොහෝ දේ පිළිබඳ අදහස් ඔවුන් බෙදා ගැනීමට එක්වන ලෙසයි.
පාඨකයන්ගේ ක්‍රියාකාරකම් හා දර්ශන, ස්වාභාවික ආකර්ශනීය ස්ථාන සහ වෙරළ, ආහාර, මිත්‍රශීලිත්වය සහ සමස්ත වටිනාකම අනුව දූපත් ශ්‍රේණිගත කර තිබේ.
665 Views
Comments